ගර්භණි මවුවරුනට දෙන පෝෂණ මල්ල දෙන්න – කඩවත ලංකා සතොසට බාලගිරි දෝෂයක්..

Spread the love

මෙම පුවත අපට ලැබුණු පැමිණිලි රාශියක් පිළිබදව කරන ලද සමික්ෂණයක ප්‍රතිඵලයක් ලෙස පළකරන්නෙමු..මාර්තු මාසයට අදාල පෝෂණ මල්ල සදහා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් වවුචර පත් ලබාදි ඇත්තේ මාර්තු මස 27 වන දින වන අතර මාර්තු 28 එයට අදාල භාණ්ඩ ලබාගැනිමට සතොසට ගිය පාරිභෝගිකයන් හට කළමණාකාරිත්වය විසින් දන්වා ඇත්තේ මාර්තු 26 දිනට පෙර එම භාණ්ඩ ලබාදුන් බවයි. ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් වවුචර පත් නිකුත් ක‍රන ලද්දේ මාර්තු 27 නම් මාර්තු 26 භාණ්ඩ ලබාගන්නේ කෙලෙසදැයි විමසු පාරිභෝගිකයෙක්ට පහරදිමට තරමට ඉහත කළමණාකාරිත්වය සැහැසි වු බවද සදහන්. මේ අතර ගර්භණි කාන්තාවන්ගේ පෝෂණ මල්ලට අදාළ භාණ්ඩ සවස 5න් පසුව ලබානොදිමට තරමට තරම් ඔවුන් සිත්පිත් නොමැති නොමිනුසුන් වි ඇති අතර  ඔවුනගේ අරමුණ ජනාධිපතිතුමාගේ සංකල්පය කඩකප්පල් කිරිම බව සක්සුදක් සේ පැහැදිලිය.

මේ අතර ඔවුන් තවත් හාස්‍ය ජනක ප්‍රකාශ නිකුත් කිරිම ආරම්භ කර ඇත. සෑම මසකම 15 වැනිදාට පෙර භාණ්ඩ ලබාගැනිමට පැමිනෙන ලෙස දන්වමින් අවසන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන්  එම මස 27 වනදා නිකුත් කරන වවුචරය රැගෙන යන  ගර්භනි කාන්තාවන් රස්තියාදු කරමින් පිඩාවට පත්කරමින් මොවුන් මේ කරන පහත් නින්දිත ක්‍රියාවට දැඩි දඩුවම් ලබාදිම සිදුකල යුතුමය. මේ අතර අප්‍රේල් මස 02 වන දින ඉහත සතොසට ගිය පාරිභෝලිකයෙක්ට ඉහත කළමණාකාරිත්වය විසින් දැනුම් දි ඇත්තේ අප්‍රේල් මස 15 වන දින භාණ්ඩ ලබාදෙන බවයි. එයටද නිශ්චිත දින නියමයක් නොමැති බවද පවසා ඇති අතර  එදින නිවාඩු දිනයක් නොවේදැයි පාරිභොගිකයා විමසුවිට ඔහු පවසා ඇත්තේ නිවාඩු නම් වෙන දවසක එන්න. හදිස්සියක් නෑනේ යනුවෙනි..

සිත් පිත් නැති මෙවැනි නොමිනුසුන්ගේ මෙවැනි වසල ක්‍රියාවන් නිසා ජනාධිපතිතුමාගේ අභිලාෂයන් ඉටුකරගැනිම ඉතා අපහසු වන බව නම් සදහන් කල යුතුමය. මෙවැනි නොමිනුසුන්ගේ වසල ක්‍රියාවන්ට කඩිනමින් නිතිය ක්‍රියාත්මක කිරිම සියළු බලධාරින්ගේ යුතුකමක් මෙන්ම වගකිමක්ද වන බව සදහන් කරනු කැමැත්තෙමු.

[rns_reactions]