පාතාලේ මධූෂ් සමඟ ලිංගිකව හැසිරුණු පාසල් සිසුවියව නාවික භටයින් දෙදෙනෙකුත් දූෂණය කරළා..!

පාතාලේ මධූෂ් සමඟ ලිංගිකව හැසිරුණු පාසල් සිසුවියව නාවික භටයින් දෙදෙනෙකුත් දූෂණය කරළා..!
Spread the love

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග සම්බන්ධකම් පවත්වමින් අඹුසැමියන් ලෙස හැසිරුණු ලාබාල දැරියක් අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර වාර්තාවක් ලබා ගන්නා ලෙසත්, ඇය මධුෂ් සමග අඹුසැමියන් ලෙස සිටි ස්ථානය වෙත රැගෙන ගොස් එම ස්ථානය හඳුනාගන්නා ලෙසත්, මධුෂ් සමග දුරකතන සංවාද පැවැත්වූ ජංගම දුරකතය පොලිස් භාරයට ගන්නා ලෙසත් කොටුව මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ  නියෝග කර තිබෙනවා.

කොළඹ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ දැනට පරිවාස ගතකර සිටින 14 හැවිරිදි දැරියක් පිළිබඳවයි මෙලෙස පරීක්ෂණ කිරීමට නියෝග කර තිබුණේ.

නාවික හමුදා භටයින් දෙදෙනෙකු විසින් ඇයව බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයක් තුළදී දූෂණය කළ බවට ලැබුණු පැමිණිල්ලක් මත ඇයව අත්අඩංගුවට ගෙන පරිවාස භාරයට පත්කර නාවික හමුදා භටයින් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව ඇප මත මුදා හැර තිබෙනවා.

පසුව මෙම දැරියව දෙමව්පියන් විසින් භාර නොගැනීම හේතුවෙන් පරිවාසගත කර ළමා නිවාසයක් කරා යොමුකර සිටියදි සියදිවි හානි කර ගැනීමට තැත් කිරීම හේතුවෙන් මානසික වෛද්‍ය අංශය වෙත යොමුකර තිබුණා.

එහිදි ඇය විසින් මානසික වෛද්‍යවරයෙකු ඉදිරිපිට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා ඇත්තේ ෆේස්බුක් හරහා ඩුබායි සිටින මධුෂ්ව හඳුනාගත් බවත් පසුගිය අප්‍රේල් මාසයේ ඔහු ලංකාවට පැමිණ තමන්ව හමුවී කොල්ලුපිටියේ හෝටලයක දින කිහිපයක් අඹුසැමියන් ලෙස ගත කළ බවත්ය.

ඔහු විසින් තමන්ට මිල අධික සුවඳවිලවුන් සහ තවත් වටිනා තෑගි රැසක් ලබා දුන් බවත් ඇය පවසා තිබෙනවා.

තමන් මැයි මාසයේ පරිවාසගතවීමෙන් පසුවත් ඔහු සමග ජංගම දුරකතනයෙන් කතා බහ කළ බවත් බන්ධනාගාරගතව සිටින ඉරාක ජාතික හෙරෝයින් ජාවාරම්කරුවන්ගේ ජංගම දුරකතනවලින් තමන්ට කිහිප වතාවක් ඔහු කතා කර ඇති බවත් තවදුරටත් පවසා තිබෙනවා.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් කොල්ලුපිටිය පොලිසියට සහ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පිටපත් ලබා දී ඇති අතර ඒවා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය දී තිබුණා.