කාගේද මේ ඇගිල්ල? එස්.බී.ගේ ඇගිල්ල.. ඊයේ පාරිලිමෙන්තුවේ නටපු ජවුසමේ හොදම ටික මෙන්න….

කාගේද මේ ඇගිල්ල? එස්.බී.ගේ ඇගිල්ල.. ඊයේ පාරිලිමෙන්තුවේ නටපු ජවුසමේ හොදම ටික මෙන්න….
Spread the love

සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේදී ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි කිහිපයකට කල් තබනු ලැබුවා.

ඒ, ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්දය විමසූ එම අවස්ථාවේ සභා ගර්භයේ නොසිටි අමාත්‍ය එස්.බී. දිසානායකගේ ඡන්දය ප්‍රකාශවීමත් සමඟයි.

එයට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භයට පැමිණ විරෝධතා පළ කළා.

ඔවුන් “කාගෙද මේ ඇඟිල්ල? එස්බීගේ ඇඟිල්ල” යනුවෙන් හඬ නගා ප්‍රකාශකරන්නට ද වූවා.

එම ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 51ක් සහ විපක්ෂව ඡන්ද 33ක් ලැබී තිබුණා.

ඒ පිළිබදව දිගින් දිගටම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් විරෝධය එල්ල වූ අතර ඒ අනුවයි කථානායකවරයා පක්ෂ නායක රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව කල් තබනු ලැබුවේ.

කෙසේ වෙතත් නැවතත් පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ දී ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු සභාගර්භයෙන් පිටත්ව යාම නිසා සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත ඡන්දයකින් තොරව සංශෝධන සහිතව සම්මත වුණා.