සති දෙකක් අතුලත පුද්ගලික රෝහල් වල මිල නියාමනය කරනවා

සති දෙකක් අතුලත පුද්ගලික රෝහල් වල මිල නියාමනය කරනවා
Spread the love

පෞද්ගලික රෝහල්වලින් අය කෙරෙන මිල ගණන් නියාමනය කිරීමේ වැඩපිළිවෙළ ඉදිරි දෙසතිය ඇතුළත ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

පෞද්ගලික රෝහල්වල මිල ගණන් නියාමනය කිරීම සිදුව ඇත්තේ එක්‌ එක්‌ රෝහල් සිය සේවාවන් සඳහා රෝගීන්ගෙන් එකිනෙකට වෙනස්‌ මිල ගණන් අයකර ගැනීම නිසා බවත් මෑතකදී එක්‌තරා පෞද්ගලික රෝහලක්‌ හෘද සැත්කමක්‌ සඳහා රෝගියකුගෙන් රුපියල් ලක්‍ෂ 23 ක්‌ අය කරගෙන තිබූ බවත් ඇමැතිවරයා කියයි.

එසේ වැඩි මුදලක්‌ සැත්කම සඳහා අයකර ගත්තද එම රෝගියා සැත්කමින් පසුව මිය ගොස්‌ ඇති අතර සැත්කම සිදු කළ වෛද්‍යවරයා තමන්ට හිමි මුදල ලබා නොගත් බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.