හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාල්ටන් නිවස පිහිටි තංගල්ල නගර සභාවේ බලය එජාපයට හිමි ව තිබේ.
ඒ අනූව නව නගරාධිපතිවරයා ලෙස රවිදු වෙදආරච්චි පත් වී ඇති බව වාර්තා වේ.
ඒ සඳහා අද (26) පැවැති ඡන්දයෙන් පොදුජන පෙරමුණේ අපේක්ෂක විමල් හේවාදුනුවිල ඡන්ද 7ක්ද එක්සත් ජාතික පක්ෂයේ රවිඳු වෙදආරච්චි ජන්ද 7ක් ද ලබා ගෙන තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවන්රු දෙදෙනා ඡන්දය දීමෙන් වැළකී තිබේ.
මුල් අවස්ථාවේ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව සම වීමෙන් කුසපත් ඇදීමෙන් රවිඳු වෙදආරච්චි සභාපති ධූරයට පත්වන ඇත.

