බොරු AIDS භීතිකාවක් නිසා සමාජයෙන් සැගවී සිටි දැරියගේ අැත්ත කතාව කරලියට(PHOTOS)

බොරු AIDS භීතිකාවක් නිසා සමාජයෙන් සැගවී සිටි දැරියගේ අැත්ත කතාව කරලියට(PHOTOS)
Spread the love

ඒඩ්ස් භීතියක් හේතුවෙන් පාසල අහිමි වූ කුඩා දැරියක් ඊයේ (26) පෙරවරුවේ සිට පස්වරුව දක්වා ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

මෙම දැරිය ගම්පහ ගනේමුල්ල කුඩා බොල්ලත ශ්‍රී සුමංගල විදුහලේ අධ්‍යාපනය ලැබූ අතර එහි බලධාරින්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් පසුගිය මස 20 වැනි දින සිට පාසල් ගමන අහිමි වී ගිය අතර මේ වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත මෙම සිසුවිය පළමු වසරේ සිට මේ දක්වා පන්තියේ පළමුවෙනියා වීමටද සමත් වී තිබුණි.

පසුගිය වසරේද පෙබරවාරි මාසයේ මෙම දැරියට පාසල අහිමි වූ අතර එහිදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මැදිහත්ව දැරියට පාසල් යාමේ අවස්ථාව උදා කර දුන් අතර දැරියට නැවත කිසිදු හිරිහැරයක් සිදු නොවන තැනට වග බලා ගන්නා බව එහිදී විදුහල්පතිවරයා පොරොන්දු වී තිබුණත් යළිත් මෙම දැරියට එම පීඩාවන් සිදුව තිබේ.