අපේ සුදු වෑන් “ක්‍රමවේදය” මේ ආණ්ඩුව නැති කලා – වැරදිලා ගෝඨාගේ කටින් පැනපු කතාව මෙන්න…

අපේ සුදු වෑන් “ක්‍රමවේදය” මේ ආණ්ඩුව නැති කලා –  වැරදිලා ගෝඨාගේ කටින් පැනපු කතාව මෙන්න…
Spread the love

ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සදහා අවසර ලබාදීමෙන් රජයට රුපියල් කෝටි 1,140 ක පාඩුවක් කළ බවට හිටපු ආරක‍ෂක ලේකම් ගෝඨාභය රාජපක‍ෂට එරෙහිව ගොණුකළ නඩුව අද (26) විභාගයට ගැණුනා. ඒ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදීයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට පවරා ඇති අදාළ නඩුව විභාගයට ගැනීම ලබන ජූලි මස 9 වනදා දක්වා කල් දැමීමටයි මෙහිදී තීරණය කෙරුණා.

අපේ සුදු වෑන් “ක්‍රමවේදය” මේ ආණ්ඩුව නැති කලා – ගෝඨා

මේ අතර ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර සිටින්නේ පසුගිය රාජපක්ෂ යුගයේදී තමන් අනුගමනය කල සුදු වෑන් “ක්‍රමවේදය” මේ වනවිට නොමැති බවත්, එම නිසා මේ වන විට මිනීමැරීම් ඉතා සුලභ ලෙස දක්නට ඇති බවයි.

ගෝඨාභය රාජපක්ෂගේ නොදැනුවත්ව හෝ ප්‍රකාශ කල මෙම ප්‍රකාශය පරිදි රාජපක්ෂ යුගයේ මාධ්‍යවේදීන් ඇතුලු තමන්ට විරුද්ධ මත මර්දනය කිරීමට සුදු වෑන් සංස්කෘතිය මෙහෙය වූ බවට ගෝඨාභය විසින් පිළිගන්නා බවයි සිවිල් සංවිධාන නියෝජිතයෙක් සඳහන් කලේ.

ඉන්දීය තානාපති කාර්යාලය පවා අප මුණගැසෙන්න බයයි – ගෝඨා

මේ වනවිට ඉන්දීය තානාපති කාර්යාලය පවා තමන් මෙන්ම විපක්ෂය හමුවීමේ බියකින් පසුවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  ඉන්දීය ප්‍රමුඛ පුවත් වෙබ් අඩවියක් වන The Indian Express වෙබ් අඩවිය සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ,

“ඉන්දියාවේ හිටපු රාජ්‍යතාන්ත්‍රිකයෙකු මෙන්ම ආරක්ෂක උපදේශකවරයෙකු වූ ශිවශංකර් මෙනොන්ගේ Choices — Inside the making of India’s foreign policyයන කෘතිය කියවා ඇතිනම්, එහි ඔහු ශ්‍රී ලංකාව ඉන්දියාවට තර්ජනයක් වන දෙයකට සිය දේශය තුළ ඉඩ නොතැබූ බව පවසා තිබෙනවා. අපගේ රජය කෙදිනකවත් ශ්‍රී ලංකා භූමිය ඉන්දියාවේ ආරක්ෂාවට විරුද්ධව භාවිත කරන්නට ඉඩ දුන්නේ නැහැ. වර්තමානයේ චීනය සමග ලංකාවේ තිබෙන සබඳතා නිසා ඉන්දියාව ඇති කරගෙන තිබෙන බියෙන් ඔවුන් ඉවත් විය යුතුයි.” යනුවෙන් පැවසීය.

එහිදී, ඔබ තවමත් ඉන්දියාව සමග සබඳතා පවත්වානවාද ලෙසින් ඇසූ පැණයට පිළිතුරු ලෙසින්, “නැහැ, ඔවුන් අපට කතා කරන්නේ නැහැ(සිනහාසෙමින්). එය තමයි අනිත් ප්‍රශ්නය. අපගේ පාලන කාලයේදී වෙනත් රාජ්‍යතාන්ත්‍රිකයන්ට මෙරට විපක්ෂය මුණගැසීමේ ප්‍රශ්නයක් තිබුනේ නැහැ. රාජ්‍යතාන්ත්‍රිකයන් පමණක් නොව වෙනත් අමුත්තන් පවා ඉන්දියාවේ සිට විපක්ෂයේ සාමජිකයින් හමුවුනා. නමුත් මේ වන විට ඉන්දීය තානාපති කාර්යාලය පවා අපව මුණගැසෙන්නට බියකින් පසුවෙනවා. මට ඒ ඇයි කියලා කියන්න තේරෙන්නෙ නැහැ. ශ්‍රී ලංකා රජය ඔවුන් අපව මුණගැසීම ගැන මේ තරම් වද වෙන්නෙ ඇයි කියලා මට හිතාගන්නට බැහැ.” යනුවෙන් සඳහන් කර ඇත.