රනිල් එලවීමට නුවර සිට කොළඹට පා ගමනක්

රනිල් එලවීමට නුවර සිට කොළඹට පා ගමනක්
Spread the love

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති විශ්වාසභංගයට සහය පළකරමින් ප්‍රධාන කරුණු කිහිපයක් මුල්කරගෙන නුවර සිට කොළඹට පා ගමනක් සංවිධානය කොට ඇත.

අග්‍රාමාත්‍යවරයා විසින් ඒකාධිපතියෙකු ලෙස තම ගජ මිතුරු සමාගමට රටේ පොදු දේපළ හා රටේ වටිනා කියන මුල්‍ය ආයතන කොල්ල කන්නට ඉඩදෙමින් කරගෙන යන ගජ මිතුරු පාලනය අවසන්කොට රට තුල ශක්තිමත් ආර්ථිකයක් ඇතිකළ හැකි අග්‍රාමාත්‍යවරයෙක් තෝරා ගැනීමට බල කිරීම මෙම පා ගමනේ අරමුණ බව සංවිධායකයන් පවසයි.

යහපාලනය පැමිණ වසර තුනක් ගත වුවද රටේ මහජනතාව බලාපොරොත්තු වූ කිසිදු යහපත් දෙයක් සිදුවී නොමැති බව ප්‍රකාශ කරන ජනබල අරගල ව්‍යාපාරය තමන් ප්‍රධාන කාරණා කිහිපයක් මුල්කර ගනිමින් මෙම පා ගමන සංවිධානය කල බව ප්‍රකාශ කරයි. එනම්,

  • මහ බැංකු කොල්ලයේ මහ මොළකරු වහා අත්අඩංගුවට ගනු.
  • ජීවන බර සැහැල්ලු කරනු.
  • රාජ්‍ය දේපල කුණු කොල්ලයට විදේශිකයන්ට නොදෙනු.
  • තරුණ තරුණියන්ගේ රැකියා ගැටළුවට වහා උත්තර දෙනු.
  • වතු ආර්ථිකය ශක්තිමත් කරනු.

යන්න එම සටන් පාඨයි.

“ ජනබල අරගලය ” ව්‍යාපාරය  මෙය සංවිධානය කිරන අතර තමන් මූලිකත්වය ගත්තද මේ සදහා රටේ තිබෙන සියලුම දේශපාලන සංවිධානවලට  විවෘත ආරාධනයක් කර ඇති බව ඔවුන් පවසයි.