අද සවස කොළොම්තොට වාහන සැලසුම වෙනස්වෙලා…..

Spread the love

අපවත්වී වදාළ ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඥාණිස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයක ගමනා ගමන කටයුතු අද (06) පස්වරුවේ සිමා කෙරෙන අතර ශී‍්‍ර දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය යටතේ පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදීයි.

ඒ අනුව අද සවස 1.00 සිට නිදහස් වටරවුම සහ පදනම් පාර ඔස්සේ නිදහස් මාවතට ඇතුළුවීම සීමා කරනු ඇති. නිදහස් මාවත එක් දිශාවකට පමණක් ධාවනය කළ හැකි මාර්ගයක් වන බැවින් මේට්ලන්ඞ් පෙදෙස නිදහස් මාවත හන්දියෙන් නිදහස් මාවතට ඇතුළුවිය නොහැකි බව සදහන්. 

පස්වරු 4.30 සිට නිදහස් මාවත සම්පූර්ණයෙන්ම වසා තැබීමට කටයුතු කිරීමට නියමිත අතර එහිදී නිදහස් මාවත හා නිදහස් චතුරශ‍්‍ර පරිශ‍්‍රයට පිවිසිය හැකි සියලුම මාර්ග හා අතුරු මාර්ග ආදාහන පූජෝත්සවය අවසන්වන තුරු සම්පූර්ණයෙන්ම වසා තබන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

[rns_reactions]