ප්‍රා.සභාවේ සෝලංගආරච්චිගේ සමරු පලකයට හානි කරලා.. වරදකරුවන්ට දැඩි දඩුවම් නව සභාපති කියයි…

ප්‍රා.සභාවේ සෝලංගආරච්චිගේ සමරු පලකයට හානි කරලා.. වරදකරුවන්ට දැඩි දඩුවම් නව සභාපති කියයි…
Spread the love

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ස්ථාපනය කර ඇති කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මෙන්ම කොලොන්නාව ආසනයේ ශ්‍රීලනිප සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි මැතිතුමාගේ සමරු පලකයට හානි කල වරදකරුවන් හට තරාතිරම නොබලා දැඩි දඩුවම් ලබාදෙන බව නව සභාපති රංගජීව මහතා පවසයි…

ප්‍රදේශය පුරා ජනතාව නොසන්සුන්තාවයට පත්කළ එම සිදුවීම පසුගිය 29 දා වාර්තා වූ අතර එහිදී ජනතාව එම සිදුවීම දැඩි ලෙස හෙලාදකිමින් අදහස් පළකර ඇත..

කොලොන්නාව ආසනයේ ශ්‍රීලනිප බලමණ්ඩලයේ ලේකම්වරයා මේ සිදුවීම පිලිබදව සිය මුහුණු පොතේ සටහනක් පළකර ඇත…

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ස්වර්ණමය යුගය නිර්මාණය කල ප්‍රසන්න සෝලංගආරචිචි මහතා ඉන් සමුගන්නේ ලංකාවෙි අලංකාරම ප්‍රාදේශීය සභාව අපට උරැම කරදෙමිනි..
එය නිර්මාණය කරද්දි පරණ සභාවේ තිබු වීරසිංහ මල්ලිමාරච්චි මහාතාගේ ඡායාරෑපය අළුත් පලකයකට දමා මතු පරපුරට දකින්නට ඉඩ සැලස්වීය.
නමුත් අද අළුත් සභාපති තුමන් වැඩ බාරගන්නා උත්සවයට පෙර කො .මු .ප්‍රා සභාවේ සභාපති වරැන්ගේ ඡායාරෑප .අතර තිබු ප්‍රසන්න සෝලංගආරචිචි මහාතාගේ ඡායාරෑපය සූරා විනාශ කර තිබිනි..
එය අළුත් සභාපති තුමන්ව අපකීර්තියට ලක්කිරීමේ අරමුනින් සිතා මතා කල දෙයක් යයි මම විශ්වාස කරමි ..
එබැවින් මෙි ගැන සොයාබලා කටයුතු කරන මෙන් එතුමාට දන්වමි..