ජනපති මෙෙත්‍රි සහ කුපාම මහින්ද මට මගේ දෙනෙත් වගේ… අැමති අාරුමුගන් තොන්ඩමාන් කියයි..

ජනපති මෙෙත්‍රි සහ කුපාම මහින්ද මට මගේ දෙනෙත් වගේ… අැමති අාරුමුගන් තොන්ඩමාන් කියයි..
Spread the love
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට අත්සන් නොතැබීම ගැන තමාට ගැටළුවක් පවතින බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොන්ඩමන් පවසනවා. ඔහු කියා සිටියේ තමන් කවදත් විවෘත කතා කරන පුද්ගලයෙකු බවයි.

නුවරඑළිය – සීතාඑළිය ප්‍රදේශයේ අද (01) පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා. එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.

මෙහිදී විශ්වාසභංගය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවල හිටපු ජනාධිපතිවරයා පිළිතුරු සැපයීමේ දී මන්ත්‍රී ආරුමුගන් තොන්ඩමන් හිටපු ජනාධිපතිවරයාට යමක් පවසන ආකාරයට ඔහුගේ අත අල්ලන් තද කරමින් එය වැළැක්වූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී ආරුමුගන් තොන්ඩමන් කියා සිටියේ මිනිසාගේ වටිනාම වස්තුන් දෙකක් ලෙස තමන්ගේ දෙනෙත් සැලකිය හැකි බවයි.

එවැනි වටිනාම නෙත් දෙකක් තමන්ටත් හිමිවී ඇති බවත් ඉන් එක් නෙතක් වන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් අනෙකුත් නෙත වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් කියා සිටියා.