ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ නගරාධිපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අද (02) හිමි විය.උදෑසන පැවති විවෘත ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 23ක් ලබා ගැනීමත් සමග නගරාධිපති ධූරය හිමි විය.
එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ ඡන්ද 11ක් පමණයි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ මුලූ සභික ධුර සංඛ්‍යාව 38ක්. ඉකුත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 18ක් හිමි විය.
එක්සත් ජාතික පක්ෂයට හිමි වූ සභික ධුර සංඛ්‍යාව 12ක්. එක්සත් ජනතා නිදහස් සන්ධානයට සභික ධුර 05ක් සහ ජනතා විමුක්ති පෙරමුණට සභික ධුරක් 03ක් හිමි විය. අද (02) පැවති ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඡන්දය ලබාදී නැති බව වාර්තා වේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 05 දෙනාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කර අතර නගරාධිපති ලෙස මදුර විතානගේ තේරීපත් වූ අතර උප නගරාධිපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රේමලාල් අතුකෝරල තේරීපත් විය.

