අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි…

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි…
Spread the love

උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නැකැත් සීට්ටුව සාම්ප‍්‍රදායික චාරිත‍්‍රානුකූල ව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන වෙත පිළිගැන්වීම අද (04) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්. බී. නාවින්න අතින් ජනාධිපතිවරයා වෙත චිරාගත පිළිවෙත් පරිදි නැකැත් සීට්ටුව පිළිගන්වා තිබේ.

අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම හා ආහාර අනුභවය, හිසතෙල් ගෑම මෙන්ම නව වසරේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාම ආදී නැකැත් චාරිත‍්‍ර නැකැත් සීට්ටුවට ඇතුළත් ය.