අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මේ වන විට පාර්ලිමේන්තුවේ විවාද වෙමින් පවතින විශ්වාසභංග යෝජනාවට ඡන්දය දීමෙන් වැලකී සිටීමට තමන් තීරණය කළ බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
පාර්ලිමේන්තු විවාදයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රතන හිමියන් මේ බව ප්‍රකාශ කළා.
මීට පෙර උන්වහන්සේ සඳහන් කළේ විශ්වාසභංගයට පක්ෂව සිය ඡන්දය භාවිත කරන බවයි.
“යම්කිසි භික්ෂුවකට හොරකමක් කිරීමට හෝ හොරකමකට උදවු කිරීමට හෝ හොරකම අනුමත කිරීම හෝ පාරාජිකාව (සිල්වත් භික්‌ෂුන් සමග සමාන වාසයට සුදුසු නැති) වීමට හේතුවක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් මට ස්ථාවර නිගමනයකට ඇවිල්ලා ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ නොහැකියාවක් තියෙන බව මම ස්ථීරවම කියන්න ඕනේ. ඊළඟට මම කල්පනා කළේ විශ්වාසභංගය වැරදියි කියලා ඡන්දෙ දෙන්න මට පුළුවන්කමක් නෑ”

