යහපාලන ආණ්‌ඩුවේ අලුත්ම කැබිනට් මණ්‌ඩලය ලබන සඳුදා (09 වැනිදා) දිවුරුම් දෙන බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ආණ්‌ඩු පක්‌ෂයේ මැති ඇමැතිවරුන් අතරින් විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය නොදුන් කිසිවකුට තවදුරටත් ආණ්‌ඩු පක්‌ෂයේ කටයුතු කළ නොහැකි බව ඇමැතිවරයා සඳහන් කළේය.
විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළ හෝ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි ඇමැතිවරුන්ට මෙන්ම විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ මැති ඇමැතිවරුන්ට ද තවදුරටත් සදාචාරාත්මකව ආණ්‌ඩුවේ සිටිය නොහැකි බව ඇමැතිවරයා පැවසීය.
හෙතෙම මේ බැව් පැවසුවේ ඊයේ (04) පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර අංක 01 හි දී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.
මේ අතර විශ්වාස භංගයේදී ආණ්ඩුවට එරෙහිව ඡන්දය භාවිත කළ ඇමැතිවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරිමේ කිසිදු සුදානමක් නොමැති බව ශ්‍රිලනිප ප්‍රබලයෙක් අප කළ විමසීමකදි පැවසීය….

