අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවැති විශ්වාසභංග ඡන්ද විමසීම ජයග්‍රහණය කිරිමට හේතූ වූයේ ශ්‍රිලනිපයෙ මෛත්‍රී පිළ ඡන්දය දීමෙන් වැලකීමට ගත් තීරණය නිසාවෙනි.
කොටසක් ඒකාබද්ධ විපක්ෂයට සහාය දෙනු ලැබූ අතර තවත් කොටසක් ඡන්දය ප්‍රකාශ කිරිමෙන් වැලකී සිටිම මගින් මෙලෙස අග්‍රාමාත්‍යවරයාට සහාය පල කරේ රනිල් වික්‍රමසිංහ සමග තවදුරටත් ආණ්ඩුව ගෙන යාමට ජනාධිපතිවරයාගේ ඇති කැමැත්ත අනූව බව දේශපාලන ආරංචි මාර්ග පවසා සිටී.
ඡන්දය දිමෙන් වැලකී සිටිමෙන් අග්‍රාමාත්‍යවරයාට සහාය පල කර කණ්ඩායම පහතින්
1 මහින්ද අමරවීර, 02 නිමල් සිරිපාල ද සිල්වා, 03 දුමින්ද දිසානායක, 04 මහින්ද සමරසිංහ , 05 විජයමුණි සොයිසා 06 සරත් අමුණුගම 07 රංජිත් සියබලපිටිය 08 පියසේන ගමගේ, 09 නිශාන්ත මුතුහෙට්ටිගම 10 , ඒ. එච්. එම් ෆවුසි, 11 මොහාන් ලාල් ග්‍රේරු, 12 ශ්‍රියානි විජේවික්‍රම 13 මනුෂ නානායක්කාර, 14 ලසන්ත අලගියවන්න, 15 සාරතී දුෂ්මන්ත, 16එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා, 17 ආරුමුගම් තොණ්ඩමන්, 18 වීරකුමාර දිසානායක 19 මලිත් ජයතිලක 20 ලක්ෂ්මන් සෙනෙවිරත්න, 21 ඉන්දික බණ්ඩාරනායක, 22 මුත්තු සිවලිංගම් 23 අංගජන් රාමනාදන් 24 කාදර් මස්තාන් 25 අතුරුලියේ රතන හිමි

