අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පිළිබඳ ඡන්ද විමසීමෙන් පසු අමාත්‍ය නවීන් දිසානායක සමග ඊයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අද (05) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ද කරුණු දක්වන බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල පවසයි. තමන් මේ සම්බන්ධයෙන් කතානායකවරයාට ද පැමිණිලි කළ බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල කියා සිටී.
අමාත්‍ය නවීන් දිසානායක හා නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල අතර මෙම ගැටුම ඇතිවී තිබෙන්නේ පාර්ලිමේන්තු පුස්තකාල පරිශ‍්‍රය අසලදී ය.
