අප්‍රේල් 07 මම නොමිලේ බෙහෙත් දෙනවා – සයිටම් නෙවිල්ගෙන් අමුතු කතාවක්..

Spread the love
තම වෛද්‍ය පීඨයට විරෝධය පා රජයේ රෝහල් වර්ජනයක්‌ ආරම්භ කරන බැවින් තමාගේ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලින් අද (7 දා) නොමිලේ හෝ රෝගීන්ට සේවාවක්‌ ලබාදීමට සූදානම් යෑයි “සයිටම්” වෛද්‍ය පීඨයේ සහ රෝහලේ සභාපති දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු මහතා ඊයේ (6 වැනිදා) ප්‍රකාශ කළේය.

ඒ මහතා මෙසේද පැවසීය.

අද ඇතැම් වෛද්‍යවරු “සයිටම්” මහා ලොකු ප්‍රශ්නයක්‌ කරගෙන. රටේ ජනතාවට අද තිබෙන්නේ “සයිටම්” ප්‍රශ්නය ද කියලා මා අහනවා. රෝහල් වර්ජනයක්‌ ඇති කරලා අහිංසක රෝගීන් අමාරුවේ දමන එක පාපයක්‌. මෙම වර්ජනය නිසා අසරණ වන රෝගීන්ට මා පිහිට වෙනවා.

මගේ රෝහල පැය 24 ම විවෘත කරලා තිබෙනවා.

 [rns_reactions]