දවස් 43ක් සරසවි වහලා… සිසුවෝ අනාතයි… අධ්‍යාපනය අඩාලයි .. ඇමති ගොළු බිහිරි සේ නිහඩයි..

දවස් 43ක් සරසවි වහලා… සිසුවෝ අනාතයි… අධ්‍යාපනය අඩාලයි .. ඇමති ගොළු බිහිරි සේ නිහඩයි..
Spread the love

දවස් 43ක් තුරාවට ක්‍රියාත්මක විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වැඩ වර්ජන ක්‍රියා මාර්ගය නිසාවෙන් මේ වනවිට රට පුරා සරසවි වල දැඩි අර්බුධකාරී තත්වයක් නිර්මාණය වී ඇත. සරසවි තුල මහපොළ ගෙවීම නවක සිසුන් බදවා ගැනීම පවා මේ වැඩ වර්ජන ක්‍රියාවලිය නිසා ඇනහිට ඇති අතර අමාත්‍යවරයා සමග පවතී සාකච්චා පවා බිදවටිමෙන් 150,000 පමණ සිසුන් අපහසුතාවයට පත්ව ඇත.

මේ පිලිබදව අදහස් දක්වමින් අන්තරේ කැදවුම්කරු වන ලහිරු පැවසුවේ දින 43ක් තිස්සේ පවතින මෙම ගැටලුව නිසාවෙන් සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් විභාග කල්යාම අවසන් වසර පරීක්ෂණ කල්යාම පමණක් නොව මහපොළ නොලැබීම නිසා ඔවුනට තම නවාතන්පොලවල් වල කුලිය ගෙවාගැනීමේ අර්බුධයක්ද නිර්මාණය වී ඇති බවයි..

රට ආපස්සට යද්දී රටේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍යවරයා යන දෙදෙනාම ගොළුවන් බිහිරන් සේ සිටීම තුලින් ඔවුන් බලාපොරොත්තු වන්නේ රටේ අධ්‍යාපන ක්‍රමය බිදහෙලිමද යන්න ජනතාව ප්‍රශ්න කර සිටියි..