රටම බලාසිටි තරගය අවසන් – අපේ දිරිය දියණිය අනුෂා ඉතිහාස ගත වෙයි….

රටම බලාසිටි තරගය අවසන් – අපේ දිරිය දියණිය අනුෂා ඉතිහාස ගත වෙයි….
Spread the love
ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩිකා අනූෂා කොඩිතුවක්කු 21 වන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළලේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමිකර දී තිබෙනවා. ඒ ඇය සහභාගී වූ කිලෝග්‍රෑම් 45 – 49 බර පන්තියේ බොක්සිං තරගය නියෝජනය කරමින් අද (11) පැවති තරගයෙන්.

ලෝක බොක්සිං ශුරිය වන ඉන්දීය ක්‍රීඩිකා මේරි කොම් සහ අනූෂා කොඩිතුවක්කු අතර‍ පැවති  අවසන් පූර්ව තරගයේ දී මේරි කොම් අවසන් වටයට සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

කෙසේ ශ්‍රී ලංකා කාත්තා බොක්සිං ක්‍රීඩිකාවක් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළලෙක දී ලබාගත් ප්‍රථම පදක්කම ලෙස මෙය ඉතිහාසයට එක්වනවා. මෙරට බොක්සිං ඉතිහාසය ගත් විට ශ්‍රී ලංකාවට 1950 වර්ෂයේ දී රිදි පදක්කමක් හිමිව තිබෙනවා. ඒ බොක්සිං ක්‍රීඩක ඇල්බඩ් ප්‍රනාන්දු ක්‍රීඩකයාගෙන්.

ශ්‍රී ලංකාව මීට වසර 80කට පෙර රන් පදක්කමක් අභියසට ගොස් සිටි බවද සඳහන්.