තමන් ඇතුළු කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයට එක් නොවන බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ සිටින හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා. ඒ, ඊයේ (11) රාත්‍රියේ ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව නෙත් අප වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින්.
තමන් ඇතුළු කණ්ඩායම විපක්ෂයේ හිදිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවයි මෙහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.
විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදීමෙන් පසු මෙම කණ්ඩායම ආණ්ඩුවේ දරණ තනතුරුවලින් ඉවත් විය යුතු බවටයි එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම ප්‍රකාශ කළේ. මෙවැනි තීරණයක් ගැනීමට එම බලපෑම් හේතුවක් වූයේදැයි යන්න පිළිබඳව ද නෙත් අප මෙහිදී විමසීමක් කළා.
එහිදී හිටපු අමාත්‍යවරයා කියා සිටියේ තමන් මහජන නියෝජිතයින් බවත් හිතට එකඟව වැඩ කල නිසා එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ තනතුරු අත්හැරිය යුතු යැයි මතක් කිරීම අනවශය බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලූ නියෝජිතයින් ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් මධ්‍යම කාරක සභාව වෙත ඉදිරිපත් කර ඇති බවද හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මෙහිදී ප්‍රකාශ කළා.

