මෙදා අවුරුද්දට ලක් සතොසින් රුපියල් 540ක් අඩුවෙන් බඩු මල්ලක්‍..

Spread the love

මෙවර සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද නිමිත්තෙන් දිවයින පුරා සතොස අලෙවිසැල් හරහා මහජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර ලබාදීමට රජය තීරණය කර තිබෙන අතර ඒ අනුව රුපියල් 1515ක් වටිනා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 10ක් අඩංගු ආහාර මල්ලක් රුපියල් 975 ක මිලකට ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ. 

මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ලබන 10 වනදා සිට 20 වනදා දක්වා කාලය තුළ දිවයින පුරා පිහිටි ලක් සතොස අලෙවිසැල් හරහා මෙම ආහාර ද්‍රව්‍ය අඩංගු මල්ල පාරිභෝගිකයින්ට මිල දී ගත හැකි බවයි. 

කිරිපිටි, සීනි, සහල්, පරිප්පු, අල, ළුෑණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර අඩංගු මළු ලක්ෂ 10ක් පමණ මෙම කාලය තුළ පාරිභෝගික ජනතාවට ලබාදීමට කටයුතු කරන බවද මුදල් අමාත්‍යංශය සඳහන් කළා.

[rns_reactions]