එක්සත් ජාතික පක්‍ෂය විසින් ඌව පළාත් සභවේ බලය ඉල්ලමින් ආණ්ඩුකාරවරයාට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
දැනට බලය හොබවන සන්ධානයේ සිවු දෙනෙකු තමනට සහාය දීමට පොරොන්දු වී ඇති බවත් එමගින් එක්සත් ජාතික පක්‍ෂයට මන්ත‍්‍රී ධුර 18ක සහාය ලැබෙන බවත් ඔවුන් පෙන්වා දී ඇත.
දැනට සභාවේ සංයුතිය වන්නේ සන්ධානයේ 18ක්, එජාපයේ 14ක්, ජවිපෙ 02ක් ලෙසයි.
කෙසේවෙතත් පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර පැවසුවේ ඕවා හරක් දකින සිහින පමණක් බවත් තමන් සමග බහුතරය මෙන්ම ජනතාවද සිටින නිසා තමනට කිසිදු බියක් නොමැති බවයි..

