පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට එක්වෙන්න ජනපති මෛත්‍රී අද එංගලන්තයට….

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට එක්වෙන්න ජනපති මෛත්‍රී අද එංගලන්තයට….
Spread the love

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අද දහවල් එක්සත් රාජධානිය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඒ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා යි.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව හෙට සිට ලබන 20 වන දා දක්වා ලන්ඩන් නුවරදී පැවැත්වෙනවා.

මෙවර එහි තේමාව වන්නේ, පොදු අනාගතයක් වෙත යන්නයි.

සමුළුව අතරතුර ජනාධිපතිවරයා රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.

එමෙන්ම ඔහු එහිදී බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ද හමුවනු ඇති බව වාර්තා වෙනවා.

ලබන 22 වන දා ජනාධිපතිවරයාගේ මෙම සංචාරය අවසන්වීමට නියමිත යි.