යාපනයේ වලිකාමම් පළාතේ ඉඩම් නිදහස් කොට ජනතාවට ලබා දීම නිමිත්තෙන් යාපනයේ තෙලිප්පලෙයි දුර්ගා කෝවිලේ විශේෂ පූජාවක් තබමින් ජනාධිපතිවරයාටත්,අග්‍රාමාත්‍යවරයාටත්,යුද හමුදාපතිවරයාටත් යාපනයේ ජනතාව ආශිර්වාද කොට තිබේ.
මෙම ආශිර්වාද පූජාව සමග කාවඩි නැටුමක්ද පැවති අතර කාවඩි නැටීමේ නිරතව සිටි කීප දෙනෙකුම ජනාධිපතිවරයාගේත්,අග්‍රාමාත්‍යවරයාගේත්,යුදහමුදාපතිවරයාගේත් ඡායාරූපද රැගෙන කාවඩි නැටුමේ නිරත වී තිබේ.
යාපනයේ වළිකාමම් පළාතේ ඉඩම් අක්කර 683 ක් නිදහස් කොට ඒවායෙහි අයිතිකරුවන් වෙත බාරදීමත් සමගම ප්‍රීතියට පත්ව සිටින එම පළාතේ වැසියෝ ආශිර්වාද පූජාව සංවිධානය කොට තිබුණි.



