සංවර්ධන උපායමාර්ග සහ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ අමාත්‍යාංශයේ අක්‍රමිකතා රාශියක් පසුගිය කාලය තුල සිදුකොට ඇති බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය සදහන් කරයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සංසදයේ සභාපති කපිල පෙරේරා මහතා මෙසේ අදහස් පල කලේය.
පසුගිය අප්‍රේල් 02 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලිපියක් යොමුකරමින් තොරතුරු තාක්ෂණ වෘත්තීය වේදීන්ගේ සංගමය ලෙස අපි පෙන්වා සිටියේ සංවර්ධන උපායමාර්ග සහ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ අමාත්‍යාංශය අක්‍රමිකතා රාශියක් පසුගිය කාලය තුල සිදුකොට ඇති බවයි.
එහෙයින්ම මලික් සමරවික්‍රම ඇමති තුමා, අමාත්‍යංශ ලේකම් චාන්දනී විජේරත්න මහත්මිය එම අමාත්‍යංශයෙන් ඉවත් කොට වෙළඳ ගිවිසුම් පිලිබඳ සාකච්ඡා කණ්ඩාම විසුරුවා අමාත්‍යාංශයත් එම සාකච්ඡා කණ්ඩාමත් ප්‍රතිසංවිධානය කරන මෙන් ඉල්ලා සිටියා.
මෙහිදී මූලික වශයෙන් ආකාර 4ක අක්‍රමිකතා සිදුවී පවතිනවා
ජාත්‍යන්තර වුවමනාවන්ට අනුකූලව කටයුතු සිදුවීම.
ඇමරිකානු උපදේශකයන් 3දෙනෙකුගේ උපදෙස් වලට අනුකූලව සංවර්ධන උපායමාර්ග සහ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ අමාත්‍යංශය සිය කටයුතු මෙහෙයවයි.
සිංගප්පුරුව සමග වෙළඳ ගිවිසුමට ඔන්න මෙන්න කියා තිබියදී, ලංකාවේ සාකච්ඡා කණ්ඩාමේ කිහිපදෙනෙකු, සිංගප්පූරු සාකච්ඡා කණ්ඩායමේ ප්‍රධානීන්ගෙන් පුහුණුවක් ලැබීමට පිටත් කිරීම, අමනෝඥ ක්‍රියාවකි. වෙළඳ ගිවිසුම් පිලිබඳ පුහුණුවක් ලබාදීමට තවත් ඕනා තරම් රාජ්‍යයන් තිබියදී, අදට සාකච්ඡා පවත්වන රටක සාකච්ඡා කණ්ඩායමේ අයවලුන්ගෙන් පුහුණුව ලැබීම අනුමත කිරීම පැහැදිලි අක්‍රමිකතාවකි.
නවසීලන්ත ජාතිකයෙකු ලවා අන්තර්ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට උත්සාහ දැරීම, මහබැංකු අධිපති කම සිංගප්පුරු වැසියෙකුට පැවරීමට වඩා දෙවැනි නොවේ. නවසීලන්ත පුරවැසිභාවය හිමි ආචාර්ය රවී රත්නායක Bridging the Gap නමැති එන් ජී ඕ ආයතනයේ සාමාජිකයෙකි
එම ආයතනය හරහා මේ පුද්ගලයා ASEAN සංගමයේ සාමාජික රටවලට ශ්‍රී ලංකාවට භාණ්ඩ අපනයනය සඳහා පෞද්ගලික උපදේශකයෙකු ලෙසද කටයුතු කරයි. සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩවලින් බදු සහන ලබාදෙන භාණ්ඩ ලයිස්තුව සකස් කිරීමේ වගකීම මොහුට ලබාදීම ඉබ්බා දියේ දැමීමකි. පිටරටවල වුවමනාවලට සේවය කරමින් වැටුප් ලබන අතරම ඒ රටවලව අවශ්‍ය පරිදි මෙරට තුළ වැඩ කරනවාට දෙනවාට අපේ බදු මුදලින්ද මේ දූෂිතයෝ වැටුපක් ලබති.
මෙම කිසිදු ගිවිසුමක් සම්බන්ධව ශක්‍යතා අධ්‍යයනයක් සිදුකොට නොමැති අතර, එම ගිව්සුම් මගින් රටට සිදුවන අවාසි ගණන් බලන්නේද ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුවය
පැහැදිලි ජාතික ප්‍රතිපත්ත්යක් නොමැති බවත්, එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවන ආයතන සහ ක්‍රමවේදයන් නොමැති බවත්, ඒ සඳහා අමාත්‍යංශය අවංක උත්සහයක් නොදරීමත් මෙහිදී මතුව පෙනෙයි
ආර්ථික වශයෙන් පාඩු සිදුවන ගිවිසුම් කරා එළඹීම.
සිංගප්පුරු ගිවිසුමේ අලාභය රජය විසින් පවා පිළිගෙන ඇති අතර විද්වතුන් බොහෝදෙනෙකු පෙන්වා දී තිබෙයි
බැදීයාවන් පිලිබඳ ගැටුම් ඇතිකරන පත්වීම
සිය හදිසි අභාවය සිදුවන තෙක්ම එට්කා ගිවිසුමේ සහ චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කර ඇත්තේ ආචාර්ය සමන් කැලේගමයි. ඔහු එසේ කටයුතු කර ඇත්තේ බහුජාතික සමාගමක ශ්‍රී ලංකා ශාඛාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන අතරය. එම බහුජාතික සමාගම විසින් ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ ඉන්දියාවේ සහ චීනයේ නිපදවන භාණ්ඩ මෙරටට ආනයනය කර අලෙවි කිරීමය. එවැනි සමාගමක සභාපතිවරයෙක් ආනයනික බදු සහන ලබා දෙන භාණ්ඩ ලැයිස්තුව තීරණය කෙරෙන ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන කණ්ඩායමක ප්‍රධානියා ලෙස පත් කිරීම ඉතා පැහැදිලිවම බැදියාවන් අතර ගැටුමක් නිර්මාණය කිරීමකි.
කැලේගමගේ අභාවයෙන් පසුව එම තනතුර සඳහා පත් කළ කේ. ජේ. වීරසිංහ සම්බන්ධ කාරණය වඩාත් ජුගුප්සාජනකය. කේ. ජේ වීරසිංහ මෙම ආර්ථික ගිවිසුම් සඳහා සාකච්ඡා කණ්ඩායමේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරන අතර ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසඳයේ (Apparel Association Forum – JAAF) උපදේශකයෙකු වශයෙන් “වැටුපක්” ලබාගත්තේය. ඇඟලුම් නිෂ්පාදනය හෝ ඇඟලුම් වෙළඳාම සම්බන්ධයෙන් හෝ ප්‍රවීණයකු නොවූ වීරසිංහ ඊනියා උපදේශකයෙකු ලෙස ඉහළ වැටුපක් එම ආයතනයෙන් ලබාගත්තේ කෙසේද යන්න අනෙකුත් දේශීය නිෂ්පාදකයන්ගේ ඉරණම සමඟ බැදී පවතින්නකි. වීරසිංහ මහතා කොතෙක් උත්සාහ දැරුවත් මෙම ඇඟලුම් කෝටාව ඉවත් කිරීමට ඉන්දියාව තවම එකඟ වී නොමැති වීම මඟින් සිය කේවල් කිරීමේ බලය උපරිම මට්ටමකට පවත්වා ගැනීමට ඉන්දියාව සමත් වී තිබේ. වීරසිංහට එය ඉටු කරගැනීමට නම් ඉන්දියවට අවශ්‍ය ඉන්දියානු භාණ්ඩ වැඩි ප්‍රමාණයක් සඳහා ශ්‍රී ලංකාවේදී බදු සහන ලබාදීමට සිදුවේ. ඒ මඟින් සිදු වන්නේ ජනාධිපතිතුමා රැක ගත යුතු යයි පවසන දේශීය නිෂ්පාදකයා විනාශ වීමයි. කේ. ජේ. වීරසිංහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසඳයෙන් ලැබුවේ වැටුපක්ද අල්ලසක්ද යන්න තීරණය කිරීම එතරම් අපහසු නොවේ.
ආචාර්ය රවි රත්නායකගේ පත්වීම සම්බන්ධයෙන්ද පෙර සඳහන් කල පරිදි බැදීයාවන් පිලිබඳ ගැටුම් ඇතිකරයි
සංවර්ධන උපායමාර්ග සම්බන්ධ අමාත්යංශය මගින් රටේ සංවර්ධනය කෙරෙහි සිදු ඇති මෙහෙවරක් වීද? අපගේ විශ්වාසයේ හැටියට පක්ෂ ප්‍රතිසංවිධානය කරන යුගයක ඊට මත්තෙන් කලයුත්තේ මෙවන්වූ අක්‍රමිකතා සහිත අමාත්‍යංශයන් ප්‍රති සංවිධානය කිරීමයි.

