බොහෝදුරට යුද්ධයක ජයග්‍රහණයන්ට වඩා තියෙන්නේ පරාජයන්,අහිමිවීම්,වේදනාවන්,විනාශයන් විතරක් වන අතර කවදා හරි මේ ලෝකේ අන්තිම මනුස්සයා දක්වාම එකිනෙකා මරාගන්න දවසක් එනකම් ඒ දේ, මිනිසුන් තේරුම් ගනිවීදෝ දැයි හීනෙකින්වත් හිතන්න බැරි කාලයකයි අපි මේ ජීවත් වෙන්නේ.
අබ්දුල් හමීඩ් යූසෆ්…අබ්දුල් හමීඩ් යූසෆ් මුහුණ දුන් සංවේදී කතා පුවත ලොව පුරා මාධ්‍ය වලින් ලැව් ගින්නක් සේ පැතිර ගියේ මේ කතාව අහපු දැකපු හැමෝගෙම හදවත් වලට සිත් සසළ කරමින්..
සිරියානු ජනපති බෂාර් අල් අසාද්ගේ හමුදාව විසින් එල්ල කරපු රසායනික අවි ප්‍රහාරයකින් යූසෆ්ගේ බිරිඳ සහ දෙමස් වියැති නිවුන් දරුවන් දෙදෙනා ඔහුට අහිමි වුණා.
මේ පුහාරයට එල්ල වෙලා තිබුණේ සිරියාවේ ඉඩ්ලිබ් කියන පළාතේ උතුරු කෙළවරක වෙන්න පිහිටලා තිබුණ ඛාන් ෂෙයිකෝන් කියන ගම්බද ප්‍රදේශයට.රාත්‍රී කාලයේදී තමයි මේ ප්‍රහාරය එල්ල කරලා තිබුණේ..
‘‘මම තද නින්දක හිටියේ..ප්‍රහාරයත් සමග එක්විටම මා අවදි වුණා.මට හුස්ම ගැනීමේ අපහසුවක් දැනුනා.එ් මොහොතේම මම මගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා වෙත ගියා.ඔවුන්ට අනතුරක් වී තිබුණේ නැහැ.පස්සේ මම බිරිඳට දරුවන් දෙදෙනා එක්ක නිවසට වී ඉන්න කියලා අසළ නිවසක ජීවත් වුණ මගේ දෙමව්පියන් විසූ නිවස වෙත ගියා.මා යනවිටත් මගේ දෙමව්පියන් සහෝදරයින් කිසිවෙකු ජීවතුන් අතර හිටියේ නැහැ..මම නැවත මගේ බිරිඳ හා දරුවන් දෙදෙනා වෙත ආවා.මම එනවිට ඔවුන් වලිප්පුව හැදුනාක් මෙන් කටින් පෙණ දමමින් සිටියා.ඔවුන් මිය ගියා..මට මගේ පවුලම නැති වුණා‘‘ යැයි ලෝක මාධ්‍ය ඉදිරියේ හඩාවැටෙමින් යූසුෆ් කියලා තිබුණා..
මේ ප්‍රහාරයෙන් යූසුෆ්ගේ ඥාති හිතුවතුන් 25 දෙනෙකු ඇතුළු 70කට අධික පිරිසක් මියගොස් තිබුණා.
‘‘මම අඩනවා ඒත් මේ සතුටු කඳුලු මගේ දරුවන් දැන් දෙවියන් ළඟ සිරියාවේ ඉන්නවාට ඒක ගොඩක් හොඳයි‘‘ සිය දරු දෙදෙනාගේ සොහොන්කොත් අසළ හඩා වැටෙමින් යූසුෆ් අවසාන වශයෙන් කියලා තිබුණා.
https://www.facebook.com/cnn/videos/10156371129926509/
[rns_reactions]






