ඉන්නවද? පනිනවද? කරන දේ ගැන අහන්න ජනපති හමුවන්න ලංඩන් ගියපු ලොක්කෝ ටික මෙන්න..

ඉන්නවද? පනිනවද? කරන දේ ගැන අහන්න ජනපති හමුවන්න ලංඩන් ගියපු ලොක්කෝ ටික මෙන්න..
Spread the love
ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයින් කිහිපදෙනෙකු ජනාධිපතිවරයා මුණ ගැසීමට සූදානම් වනවා. ඒ, ලන්ඩන් නුවර පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුව අතරතුරයි.
හිටපු අමාත්‍යවරුන් පිරිසක් ලන්ඩන් බලා ගොස් ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණීමට පෙර මෙම සාකච්ඡාව පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව නිමවා ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන 22 වනදායි.

ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් පසු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවද රැස්වන බවට දැනටමත් වාර්තා පළ වී අවසන්. ආණ්ඩුවෙන් ඉවත් වූ 16දෙනාගේ කණ්ඩායම පවසන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ද ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවටයි. ඊට අදාළ යෝජනාවක් ඉකුත් දා පැවැති නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ද ඉදිරිපත්ව තිබුණා. ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත්තේ මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදීයි.
 
මේ අතර සම්මුතිවාදී රජයේ මීළඟ කැබිනට් සංශෝධනය ලබන 23වනදායින් පසුව සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. එහිදී පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදුවනු ඇති බවටයි දැනටමත් ප‍්‍රකාශ වී ඇත්තෙ.