පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (19) සහභාගීවීමට නියමිතයි.
ඉකුත් 16 වැනි දා ආරම්භ වූ මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව එළැඹෙන 21 වැනි දා දක්වා ලන්ඩන් නුවර දී පැවැත් වේ.
මෙවර සමුළුවේ දී සෞභාග්‍යය, සුරක්ෂිත බව, සාධාරණත්වය සහ තිරසර බව යන අංශ යටතේ පොදුරාජ්‍ය මණ්ඩල රටවල අරමුණු සාක්ෂාත් කර ගැනීම පිළිබඳ විශේෂ අවධානයක් යොමුවනු ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (18) ලන්ඩන් නුවර දී පොදුරාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශනය සිදු කරනු ලැබී ය.
එහි දී තිරසර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව කැප වී සිටින බවත්, ඒ සඳහා ව්‍යාපාරිකයන් ඇතුළු සියලුදෙනාට තමන් ආරාධනා කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

