“සරත් ෆොන්සේකාගේ දැනුම සහ බුද්ධිය නිසා යුද්ධය දින්නා” – ගෝඨාභය රාජපක්ෂ කියයි

“සරත් ෆොන්සේකාගේ දැනුම සහ බුද්ධිය නිසා යුද්ධය දින්නා” – ගෝඨාභය රාජපක්ෂ කියයි
Spread the love
30 වසරක් පැවති කුරිරු යුද්ධය ජයග්‍රහණය කිරීමට මූලිකම අඩිතාල වූයේ හමුදාපති සරත් ෆොන්සේකාගේ දැනුම සහ බුද්ධිය බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරන වීඩියෝ පටයක් සමාජ ජාලා තුල සංසරණය වෙමින් පවති.
 
එහිදී අදහස් පළ කරන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ –
 
“ඔබ දන්නවා මේ සටන ගොඩබිමේ කරන සටනක්. එතකොට අපේ ප්‍රධානතම හමුදා වන්නේ යුධ හමුදාව..යුධ හමුදාවේ නායකත්වය ඉතාමත්ම වැදගත්.
ඇත්ත වශයෙන්ම මම මේ වෙලාවේ සඳහන් නොකලොත් යුධ හමුදාපතිතුමාව.යුධ හමුදාපතිතුමාගේ ඒ කැපවීම ධෛරයභාවය ඒ වීරත්වය, ඒ දැනුම නැතුව අපිට මේක ජයග්‍රහණය කරන්නට පුලුවන් වන්නේ නෑ.ඇත්ත වශයෙන්ම අපි ආඩම්බර වෙන්න ඕනේ මෙවැනි නිලධාරීන් අපිට ඉන්න එක ගැන”