සිරස රූපවාහිනිය තමන්ගේ කෙළිබඩුවක් කොටගත් චන්දන සූරියබණ්ඩාරට වැඩ වරදී. සුසාර දිනාල් නැවතත් ආයතන ප්‍රධානියා බවට පත් වේ..
සිරස නාලිකා ප්‍රධානී චන්දන සූරියබණ්ඩාර ඉකුත්දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදී ස්ටෙයින් ස්ටූඩියෝ ( Stain Studio ) හි විධායක අධ්‍යක්ෂවරයාගේ තනතුර තෙක් පහළ හෙලීමට ආයතන ප්‍රධානියා තීරණය කර ඇත.
මේ සම්භන්ධයෙන් වූ සිද්ධි දාමයන් එකින් එක ගෙනහැර බැලීමේදී පැහැදිලි වන්නේ පූර්ණකාලීන දේශපාලනය උදෙසා, ක්ශේත්‍රයෙන් සමුගත් සුසාර දිනාල් වෙනුවට සොයාගත් ආදේශකයා වූ චන්දන සූරියබණ්ඩාර මහතා යටතේ ඉකුත් සිවු වසරක් තුල සිරස මාද්‍යජාලය පළමු ස්ථානයේ සිට පස්වන ස්ථානය දක්වා පසුබැස ඇති බවයි. මීට අමතරව නාලිකාව තුල තමන් හැරුණුකොට ඉදිරියට ආ දීප්තිමත් චරිත කිසිවකුට ඉකුත් සිවු වසර තුල තමන්ගේ බළමුළු බිඳදමන්නට කිසිඳු ඉඩක් ලබා නොදී ඔවුන්ව එළවා දැමීමට තරම් සාහසිකයෙකු වූ සූරියබණ්ඩාර යටතේ නාලිකාවේ ජේෂ්ඨතම නිවේදිකාව වූ තනූජා ජයවර්ධන , නාරද බක්මීවැව, කිංස්ලි වික්‍රමරත්න, ප්‍රියන්ත විජේසිංහ සහ බුද්ධික වික්‍රමාදර යන අති දක්ෂයන් නාලිකාව හැරදමා යන තත්වයටම අසරණ කිරීමට තරම් හෙතෙමේ ම්ලේච්ඡ වුණ බව මේ සම්භන්ධයෙන් තතු දත්තෝ පවසති .
ධනය, බලය සහ කීර්තිය හමුවේ වර්දනය වූ උද්දච්චකමින් සහ පුහු මාන්නයෙන් ස්වකීය මොළය පුරවා ගත් සූරියබණ්ඩාරගේ මූලිකම රාජකාරිය වූයේ අග්‍රාමාත්‍යවරයාට උදේ හවා සිරස රූපවාහිනිය භාවිතා කර පහරදීමම පමණි. සුසාර දිනාල් විසින් සිරස සන්නාමය යටතේ චිත්‍රපට දෙකක් ( ධර්ම යුද්ධය සහ ඒලෙවල් ) නිර්මාණය කර කෝටි 22 ක සමස්ථ ලාභයක් චැනලය වෙත ලබා දෙද්දී සූරියබණ්ඩාරලා කළේ තම වැඩසටහන් වලට සභභාගී වූ විනිසුරුවරියන්ව වසඟයට ගෙන ප්‍රසිද්ධියේ රමණය කිරීම පමණි.
එහෙව් සූරියබණ්ඩාරලා නිසාවෙන් අද වන විට සිරස ආයතනය හුදෙක් පරණ බිත්තර යොදා නිර්මාණය කළ ඔම්ලට් එකක් බවට පරිවර්තනය වී ඇති බව කණගාටුවෙන් වුවද කිව යුතුමය. අදායම් හඹාගෙන වෙළඳපොළ ආක්‍රමණය කරන්වා වෙනුවට, වෙළඳපොළ තමන්ගේ දෙපා මුලට ගෙන්නවා ගතහැකැයි සිතීමට තරම් මෙකී සූරියබණ්ඩාරලා අමනෝඥ වීමම සිරස ආයතනයේ මෙන්ම රටේද අවාසනාවක් ලෙසින් හැඳින්විය හැක.
සිරස සහ MTV ආයතන වල නව ප්‍රධානියා වශයෙන් නැවතත් තේරී පත්වූ සුසාර දිනාල් මහතාට ඉදිරියේදී මඟහැරුණු සහ කළයුතු යුතුකම් සහ වගකීම් බොහෝ ඇති බව ලියුම්කරුගේ මෙම ලිපිය මඟින් සිහිපත් කළ යුතුමය. අපක්ෂපාතී ලේබලය යටතේ ජනතාවගේ දෘෂ්ටි කෝණයේ සිට බලමින්, නැවතත් තම නාලිකාව හරහා ජනතාවට සිදුවන අසාධාරණකම් දෙස අවධානයට යොමු කිරීමට නිවරදි කාලය එළඹ ඇතැයි අපි සිතන්නෙමු.
මන්ද රටේ මාධ්‍ය ක්ශේත්‍රය හුදෙක් ප්‍රසිද්ධියේ ගණිකා සේවයේ යොදවමින් ඇති අවස්ථාවක සිරස නාලිකාව විසින් නිර්මාණය කරගත් ස්වකීය භූමිකාව නැවතත් රඟ දැක්වීමට අවශ්‍ය පරිසරය නැවතත් ප්‍රතිනිර්මාණය කිරීමේ වගකීම ඔහුගේ කරමත පැටවී ඇති නිසාවෙන්මය.

