ඉකුත් සතියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදුරාජ්‍ය මණ්ඩළ නායක සමුළු සැසිවාරයට සහභාගීවීම පිණිස එංගලන්තයේ ලන්ඩන් නුවර බලා රාජ්‍යතාන්ත්‍රික සංචාරයක නිරත විය. මෙහිදී අප රටට බලපාන විවිධ ක්ශේත්‍රයෙන් තුල මතුව ඇති කලාපීය ගැටළු සම්භන්ධයෙන් ලෝකයේ අනෙකුත් සහෝදර රටවල් සමඟින් කතිකා කර, ඒවාට නිසි විසඳුම් සාකච්ඡා මාර්ගයෙන් ලබා ගැනීමට තරම් ජනාධිපතිවරයා සුහදශීලී විදෙස් ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. නමුත් මෙම සංචාරය අතරතුරේදී ඒකාබද්ධ විපක්ෂය ඇතුලු විවිධ ආණ්ඩු විරෝධී කල්ලි ජනාධිපතිවරයාගේ එම සංචාරය විවේචනය කරමින් අන්තර්ජාලය පුරාවම විවිධ ලිපි පළ කළේය. එහිදී ඔවුන් මූලික වශයෙන්ම මතවාදී අයුරින් පහර එල්ල කිරීම සඳහා යොදා ගත්තේ සාවද්‍ය මෙවලමකි. එනම් ජනාධිපතිවරයා සමඟ ලන්ඩන් බලා ගිය ධූත පිරිස 120 ඉක්මවා යන බවත්, අනවශ්‍ය අයුරින් සුවිශාල ධනස්කන්ධයක් මේ සඳහා වැය කර ඇති බවත් ය.
සහභාගී වූ ගණන 120 ක් කියන්නෙ කවුද ?
මෙහිදී ජනාධිපති කාර්යාලයේ ඉහළ රාජ්‍ය නිළධාරියෙකු හරහා අප කළ විමසීමේදී ජනාධිපතිවරයා සමඟ ලන්ඩන් නුවර පොදුරාජ්‍ය මණ්ඩළ නායක සමුළුවට සහභාගී වූ සම්පූර්ණ රාජ්‍යතාන්ත්‍රික , ආරක්ෂක සහ මාධ්‍ය නිළධාරීන්ගේ නාමලේඛණයක් අප වෙත ලබා දුන්නේය. මෙහිදී රජයේ වියදමින් මෙම සංචාරය සඳහා නිළධාරීන් 32 දෙදෙනෙකු සහභාගී වූ අතර එයට ව්‍යාපාර සංසදය නියෝජය කිරීමට, ආයෝජන සහ සැළසුම් අංශ නියෝජනය කිරීමට, ආරක්ෂක මණ්ඩළය නියෝජනය කිරීමට සහ විදේශ සබඳතා සහ සාකච්ඡාවන් නියෝජනය කිරීමට යනාදී වශයෙන් කාණ්ඩ වලට හැකිතාක් සීමාකර සාමාජිකයන් බෙදා තිබූ බව ගම්‍ය විය.
කවුද මේ ආන්දෝලනයට තුඩු දුන් කාන්තාව ?
මෙහිදී මෙම සංචාරය අතරතුර වඩාත් ආන්දෝලනයට තුඩු දුන් ව්‍යාපාරික මොහාන් පෙරේරා සහ ගිහානි වීරසිංහ යන දෙපළගේ වියදම් සහ ගමන් ගාස්තු සම්භන්ධයෙන් කිසිඳු මැදිහත්වීමක් ලංකා රජය නොදැරූ බවත් අදාළ ඉහළ නිළධාරීයා සනාථ කළේය.
අමාත්‍ය ඩිලාන් පෙරේරා සහ චන්දිම වීරක්කොඩි යන දෙපළ සමඟ මොවුන් දෙදෙනා උපන්දින කේක් කපා, සම්භාෂණයකට සහභාගී වූ ඡායාරූප පෙළක් අන්තර්ජාලය කැළඹවා තිබූ අතර අප මේ සම්භන්ධයෙන් අමාත්‍ය ඩිලාන් පෙරේරාගෙන් කළ කරුණු විමසීමකදී ඔහු සඳහන් කළේ මීට පෙර තමන් අදාල මොහාන් පෙරේරා සහ ඔහුගේ භාර්යාව කිසි දිනක හමු නොවී ඇති බවත්, ඔවුන් තමන් සිටි ස්ථානයට අනාරාධිතව ඇතුලු වී කේක් කපමින් සහ සම්භාෂණය භුක්ති විඳිමින් ඔවුන්ගේ කෑම බිලද නොගෙවා දමා මාරු වූ බවයි.
මෙහිදී මෙම දෙපළ ජනාධිපතිවරයා සමඟින් ලබාගත් ඡායාරූපයක්ද අන්තර්ජාලයට මුදාහැර තිබූ අතර, ජනාධිපති ආරක්ෂක අංශයේ ඉහළ නිළධාරියෙකු සඳහන් කළේ ජනාධිපතිවරයා නැවතී සිටි නො.22, පාර්ක් වීථියේ පිහිටි හිල්ටන් හෝටලයේ පහත මාලයට වී ජනාධිපතිවරයා පැමිණෙන තෙක් මොවුන් බලා සිටි බවත්, එහිදී මෙකී ඡායාරූපය ජනාධිපතිවරයා සමඟ ඔවුන් රැගෙන ඇති බවත් ය.
ලන්ඩන් නුවර ඇති ඉතාම ලාභම හෝටලයක නැවතුණු ජනාධිපතිවරයා
මෙහිදී ලියුම්කරු යම් කාරණාවක් ඔබ වෙත අත්‍යන්තයෙන්ම අවධාරණය කළ යුතුය. එනම්, හිටපු ජනාධිපතිවරු මින් පෙර රාජ්‍යතාන්ත්‍රික සංචාර සඳහා ලන්ඩන් පැමිණි විට නවතැන් ගත්තේ වත්මන් ජනාධිපතිවරයා ලැගුම් ගත් හිල්ටන් හෝටලය ඇති පාර්ක් වීථියේ කෙළවරක ඇති ඩොචෙස්ටර් නම් තරු හතේ හෝටලයක බවත්, එහි කාමරයක සාමාන්‍ය වියදම ආසන්න වශයෙන් මීට වඩා දසගුණයකින් වැඩි බවත් ය.
සැ.යු.
මෙහිදී රාජතාන්ත්‍රික නාමාවලිය හැරුණුකොට ආරක්ෂක හේතූන් මත ඔබ වෙත ගෙනහැර දැක්වීමට නොහැකි ආරක්ෂක නිළධාරීන්ගේ නාමාවලිය සහ ජනාධිපති මාධ්‍ය ඒකකයේ නාමාවලිය හැරුණුකොට අන් සියලුම දෙනාම සංචාරය සඳහා සහභාගී වී ඇත්තේ ඔවුන්ගේ පෞද්ගලික වියදමෙන් බවද කරුණාවෙන් සළකන්න.
ජනාධිපති නිළ මාධ්‍ය අංශය, ජනාධිපති විශේෂ ආරක්ෂක අංශය හැරුණුකොට රජයේ වියදමින් සංචාරය සහභාගී වූ පුද්ගල නාමලේඛණ

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ලන්ඩනයට ගිය ජනපතිගේ දූත පිරිස පිළිබඳ වෙබ් සහ සමාජ මාධ්‍ය හරහා පැතිර ගොස් ඇති විවිධ ප්‍රචාර සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර ඇති වාර්තාව
මෙම සමුළුව වෙනුවෙන් ජනාධිපතිතුමා සමග නිල දූත පිරිසට එක්වූයේ ජනාධිපති බිරිඳ, ජනාධිපතිතුමාගේ නිල වෛද්‍යවරයා, අමාත්‍ය තිලක් මාරපන මහතා සහ ඔහුගේ බිරිඳ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, භාෂා පරිවර්තක සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු පමණි.
තවද නිල දූත පිරිසට අයත් නොවූවත් ජනාධිපති මාධ්‍ය අංශයේ විද්‍යුත් හා මුද්‍රිත වාර්තාකරුවන් සහ රජයේ හා පෞද්ගලික මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් ද ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් කිහිපදෙනෙක් ද මීට එක්ව සිටිති.
ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට හෝ ඊට සමගාමීව පැවති වෙනත් කිසිදු හමුවකට ජනාධිපති කාර්යාලයේ වියදමින් කිසිදු පුද්ගලයෙක් සහභාගී වී නොමැත.
මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් යන මහත්වරුන් සහභාගී වී ඇත්තේ ආර්ථික සමුළුවට බව ද දන්වා සිටින අතර එම ආර්ථික සමුළුව නියෝජනය කළ කිසිදු පාර්ශ්වයකට ජනාධිපති කාර්යාලය වියදම් දරා නැත.
එබැවින් ඇතැම් මාධ්‍යවල සියයකට අධික දූත පිරිසක් සහභාගී වන බවට පළවන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කර සිටිමු.

