මෙවර වෙසක් දින වශයෙන් අප්‍රේල් මස 29 හා 30 යන දෙදින රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
වෙසක් උත්සවය වෙනුවෙන් අප්‍රේල් මස 26 දින සිට මැයි මස 02 වැනි දා දක්වා කාලය වෙසක් සතිය වශයෙන් ද ප්‍රශයට පත් කර තිබේ.
ඒ අනුව අප්‍රේල් මස 29 හා 30 යන දෙදින දිවයිනේ පිහිටි සියලුම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල්වල මත්පැන් අලෙවිය නැවැත්වීමටත්, සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත්, මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳ සැල්වල මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමට කටයුතු කරන ලෙස රජය විසින් දන්වා සිටී.

