සියළු තනතුරු පත්කළේ රනිල්ට අවැසි විදිහට සමනළ වසන්තයකට… සජිත් සියල්ල හෙළිකරයි….

සියළු තනතුරු පත්කළේ රනිල්ට අවැසි විදිහට සමනළ වසන්තයකට… සජිත් සියල්ල හෙළිකරයි….
Spread the love

එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධානයේදී තනතුරු සදහා සියළු පුද්ගලයන් නම් කරන ලද්දේ අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් යයි එම පක්‍ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස හෙළිකළා.

මෙම යෝජනා පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කමිටුවේ යෝජනාවක් නොව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ යෝජනාවක් බවත් කමිටුව විසින් සිදු කලේ අදහස් විමසීම පමණක් බවත් ඔහු සදහන් කළා.

පක්‍ෂ නායකත්වයේ වෙනසක් සිදුවීමක් ගැන ප‍්‍රතිසංවිධාන ක‍්‍රියාවලියේදී සාකච්චාවක් සිදු වූයේ නැති බවද නියෝජ්‍ය නායකයා පැවසුවා.

පක්‍ෂය සම්බන්ධත්‍යන් ප‍්‍රධාන තීන්දු තීරණ ගැනීමේ සියළු බලාධිකාරිය පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ සතු වන බවද සදහන් කළ ඔහු තමන් තේරී ඇති නියෝජ්‍ය නායක තනතුර සදහා ප‍්‍රාදේශීය සභා, පළාත් සහා, පාර්ලිමේන්තු ආධී සියළු මහජන නියෝජිතයන්ගේ ඡන්ද විමසීමකින් සිදු කරන්නේ නම් ඉතා කැමැති බවද කියා සිටියේය.

නායකත්වයේ වෙනසක් සිදු නොවන්නේදැයි මාධ්‍ය ඇසු විට ‘බයත් හිතෙනවා. විදුලි කොටනවා’ යනුවෙන් ඔහු ප්‍රකාශ කළා.