ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ ගැන පැමිණිළි කිරීමට අල්ලස් කොමිසමට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේ දී මහ මගදී හමුවූ පුද්ගලයෙකු එජාප ප්‍රතිසංවිධානය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා හට දැඩි විවේචනාත්මක අදහස් පළ කළා.
මහජනයා දූෂණයට විරුද්ධව රාජපක්ෂවරු එළෙව්ව නමුත් මේ ආණ්ඩුව කිසිවක් නොකළ බවටද ඔහු චෝදනා නැගුවා.
එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෙක් ලෙස තමා අතිශයින් කණගාටුවන බවත් වර්තමාන නායකයින් කිසිවෙකුට හෝ පාක්ෂිකයින් කැමති නැති බවත් සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක සහ රන්ජන් රාමනායක වැනි පිරිස් පක්ෂයේ තනතුරුවලට පත් විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නා.
“සජිත් ප්‍රේමදාස මැතිතුමාට මොකද්ද මේ වෙන්නේ? දැන් බලන්න මේ ගෑණු ටිකක් දාල් මේ කරන වැඩේ. ගෑණු ටිකක් නේ ඉන්නේ. අකිල විරාජ්ලා..”
කෙසේ වෙතත් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගියේ “ගෑණු ටිකක් දාලා මේ කරන වැඩේ” යනුවෙන් එම පුද්ගලයා කළ ප්‍රකාශය පළ නොකරන ලෙස ඉල්ලමින්. වීඩියෝව පහතින්…

