සමාජයට කාලෝචිත පණිවිඩයක් ලබාදෙන ජනපති මෛත්‍රිගේ වෙසක් දින පණිවුඩය මෙන්න

සමාජයට කාලෝචිත පණිවිඩයක් ලබාදෙන ජනපති මෛත්‍රිගේ වෙසක් දින පණිවුඩය මෙන්න
Spread the love
අදට යෙදී තිබෙන වෙසක් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ සම්බුද්ධාගමනය තුළින් ගතානුගතික සමාජ ආකල්ප පුපුරුවා හැර අන්ධානුකරණයේ ගැලී සිටි සමාජය විද්‍යාත්මක චින්තනයකට යොමු කළ බවයි.

එමගින් මිථ්‍යාවෙන් අත්මිදුනු අධ්‍යාත්මික මිනිසෙකු සමාජ ගත වූ බවද ජනාධිපතිවරයා නිකත් කළ වෙසක් දින පණිවුඩයේ සඳහන්.

මිනිසෙකු හෝ වසලයෙකු වන්නේ උපත අනුව නොව ඔහුගේ කි‍්‍රයාවන් මත බවත්, ඒ ඔස්සේ මිනිස් වර්ගයා එක රැහැනින් යා කෙරෙන සහජීවනයේ ප‍්‍රාණය ලැබූ බවත් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සිය වෙසක් දින පණිවුඩය මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.