ප්‍රේමදාස හිටපු ජනපතිවරයා ප්‍රබල දේව ආත්මයක උපත ලබලා – මහාචාර්යවරයෙක් කියු කතාව .!

ප්‍රේමදාස හිටපු ජනපතිවරයා ප්‍රබල දේව ආත්මයක උපත ලබලා –  මහාචාර්යවරයෙක් කියු කතාව .!
Spread the love

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපතිවරයා මේ වන විට ප්‍රබල දේව ආත්මයකට පත්ව සිටින බව මනාව තහවුරු කර ගැනීමට තමන්ට අවකාශ ලැබී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය දයා අමරසේකර පවසනවා. 

ඔහු පවසන අන්දමට විද්‍යාත්මක දත්ත අනුසාරයෙන් සනාථ කළ නොහැකි ආධ්‍යාත්මික ගුප්ත සන්නිවේදන ක්‍රම පවතියි. එබඳු ක්‍රමයකට රණසිංහ ප්‍රේමදාස මැතිඳුන් දිවංගත වීමෙන් පසු ප්‍රබල දේවත්වයකට පත්ව ඇති බව තමන්ට මනා සේ තහවුරු වී ඇතැයි ඔහු කියයි. 

මේ බව කියූ  මහාචාර්යවරයා පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් අදහස් දක්වා තිබුනා. 
එම සංවාදය පහතින් ,

“වැඩි ප්‍රසිද්ධියක් නැතත් මගේ මව අපේ ජන සමාජයේ ජීවත් වූ පරමාදර්ශී කාන්තාවක්. ගුරුවරියක සහ විදුහල්පතිනියක ලෙස සිය වෘත්තීය ජීවිතය ගත කළ ඇය දුෂ්කර පාසලක් වෙනුවෙන් වසර 30 කට ආසන්න කාලයක් කැප කොට බණ මඩුවක් මහ විදුහලක් දක්වා දියුණු කළ, දිළිඳු දරුවන්ගේ ජීවිත සෞභාග්‍යමත් කිරීමට විශාල මෙහෙවරක් කළ කාන්තාවක්. අද එතුමියගේ එම සේවය අගය කිරීම සඳහා වයඹ අධ්‍යාපන අමාත්‍යාංශය එම පාසල පැන්තැනිගොඩ ‘අයිරා අමරසේකර මහා විද්‍යාලය’ නමින් එතුමියට ගෞරවයක් ලෙස නම් කොට තිබෙනවා.සත්කෝරලයේ මහිලා සමිති ව්‍යාපාරයත් ළදරු පාසල් ව්‍යාපාරයත් 60 දශකයේ ආරම්භ කළ එතුමිය ගැමියන් අතර ජීවත් වූ ගැමි දරුවන්ගේ ජිවිත උසස් කොට ඉහළ තැනකට යොමු කිරීමට තමාගේ මුළු මහත් ජීවිතයම කැප කළ විශිෂ්ට චරිතයක්. එතුමිය 2000 වසරේ මාර්තු 11 දින මිය ගිය අතර එතැන් සිට අද දක්වා මා එතුමිය වෙනුවෙන් දිනපතා ආගමානුකූල කටයුතු වල නියළී සිටිනවා. විශේෂයෙන් භාවනාමය පිංකම් බුද්ධානුස්සතිය සහ මෛත්‍රී භාවනාව ආශ්‍රය කර ගෙන එතුමිය සිහිපත් කරනවා. එහිදී මට එතුමිය සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාවක් ක්‍රමානුකූලව ලැබුණා. එම හැකියාව ආරූඪයක් නොවන සිරුරට අපහසු නොවන නිශ්චිත සරල කෙටි සන්නිවේදන ලබා දෙන ලේඛණ ක්‍රමයක්.”

“ඊට අමතරව එතුමියගේ සේවය ඉදිරියට ගෙන යෑම සඳහා 2000 වසරේ සිට මේ දක්වා මා විසින් එම පාසලේ සියළුම දරුවන්ට පොත පත සහ අධ්‍යාපන උපකරණ ලබා දෙන වැඩ පිළිවෙලක් පවත්වාගෙන යනවා,
මා විසින් ආරම්භ කොට ඇති අයිරා අමරසේකර අනුස්මරණ පදනම මඟින් නිහඬව කිසිවකුගේ ආධාර උපකාර මත නොරැඳී විශාල දරු පිරිසකට සේවය කිරීමට මට හැකියාව ලැබී ඇත්තේ එතුමියගෙන් ලැබෙන මෙම අනුග්‍රහය නිසා බව මා තරයේ විශ්වාස කරනවා.”

“මෙලෙස ඉහළ දේව ස්ථරයක සිටින තවත් බොහෝ ආත්මයන් සිටින්න පුළුවන්. එහෙත් ඔවුන් ජීවත්ව සිටි කාලයේ ඔවුන් ඇසුරු කළ අය දූදරුවන්, හිතවතුන් ඔවුන් වෙනුවෙන් මුළු මහත් ජීවිත කාලය පුරාවට නැත්නම් දිනපතාම සිහි කිරිමක් භාවනාමය පිං කිරීමක් සිදු කරන්නේ නැහැ. එනිසා ඒ ආත්මයන් මේ සංසාරයේ දී ඥාතීන්ගෙන් මඟහැරී යනවා.

එහෙත් මගේ මවට එවැනි තත්වයක් ඇති නොවීමට මා දිනපතා අඛණ්ඩව පුරා 18 වසරක් තිස්සේ කරනු ලබන මෙම භාවනාමය ක්‍රියාදාමය විධික්‍රමයක් ලෙස බලපෑ බවත් ඒ හේතුවෙන් එතුමිය සහ මා අතර ක්‍රමානුකූල සන්නිවේදනයක් ගොඩනගා ගත හැකි වූ බවත් මට විශ්වාස කළ හැකියි. ඒ සම්බන්ධයෙන් ඊට වඩා යමක් කීමට එය ආනුභාවික දත්ත ආශ්‍රයෙන් අප සමාජ විද්‍යාවේ ඉගෙන ගනු ලබන කාරණා ආශ්‍රයෙන් පැහැදිලි කිරීමට මට බැහැ. එසේ කිරීමට, එසේ විග්‍රහ කර පෙන්වීමට මා තුළ උනන්දුවක් සහ ආශාවක්ද නැහැ.”