සම්බුදු තෙමගුල සමරමින් සිරි වජිරාරාමයේ ආගමික වැඩසටහන් සඳහා ජනපති මෛත්‍රී එක්වෙයි…

සම්බුදු තෙමගුල සමරමින් සිරි වජිරාරාමයේ ආගමික වැඩසටහන් සඳහා ජනපති මෛත්‍රී එක්වෙයි…
Spread the love

බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ ප‍්‍රතිසංස්කරණය කරන ලද ධර්ම ශාලාව අපවත් වී වදාළ අතිපූජ්‍ය නාරද මාහිමියන් වහන්සේගේ නමින් සඟ සතුකොට පූජා කිරීමේ පුණ්‍යොත්සවයට ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අද (29) පෙරවරුවේ එක්විය.

විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ප‍්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව අතිපූජ්‍ය නාරද මාහිමි සමරු සදහම් පහය නමින් නම් කර තිබූ ධර්ම ශාලාව සඟ සතුකොට පූජා කළේය.

මින් පෙර දී ජනාධිපතිතුමා විසින් දුන් පොරොන්දුවක් ඉටුකරමින් නව ධර්ම මණ්ඩපයක් විහාරස්ථානය වෙත පූජා කළ ජනාධිපතිතුමා විහාරාධිපති, අමරපුර ශ‍්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ මහානායක අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේගේ ධර්ම දේශනය ශ‍්‍රවණය කිරීමට ද එක්විය.

ප‍්‍රදේශවාසී සැදැහැවතුන් විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.