අපේ රටේ හිටපු දක්ෂ ගායකයෙක් තමයි මිල්ටන් මල්ලවාරච්චි කියන්නෙ. ප්‍රේමණීය ගීතයෙන් රසික හදවත් අමනාදානන්දයට පත් කරපු ඔහුගේ පුතා වන රනිල් මල්ලවාරච්චි ඉන්නෙ දැන් ඕස්ට්‍රේලියාවෙ. ඉතින් මේ රනිල් – නිරාශා යුවලගේ පුතා දැන් තරුණයෙක්. ඒ වගේම ඔහු මිල්ටන්ගේ කටහඬ ඒ ආකාරයටම ඇති බවත් අපිට අසන්නට ලැබුනා. ඉතින් මේ හිරිමල් වියේ ඉන්න මේ තරුණයා තමයි පවන් මල්ලවාරච්චි. අධික කාර්ය බහුලත්වය මැද වුවත් ඔහු අපි සමග ටිකක් කතා කලා…
කොහොමද පවන් මේ දවස්වල වැඩ කටයුතු ?
මේ දවස්වල යුනිවර්සිටි යනවා. ඒ අතරේ ෂෝ වගයක් ඇවිත් ඒවට ඩේට්ස් දාන්න අමාරුයි. ඉතින් ඔක්කොම බැලන්ස් කරගෙන ස්ටඩි කරනවා
දැන් ගුවන් නියමුවෙක් වෙන්න නේද හීනය ?
ඔව්. අනිවාර්යෙන්ම
ඒ කියන්නේ මල්ලවාරච්චි පරම්පරාව උඩු ගුවනේ වැඩ පෙන්වන්න සූදානම් ?
ඔව්. මල්ලවාරච්චි පරම්පරාවෙ කවුරුත් නෑ. මම තමයි. මගේ සීයා ප්ලේන්වල ගිහින් නෑ කවදාවත්.එයා පුදුම බයක් තිබ්බලු. යාලුවෝ කිව්වලු සිහි නැති කරල හරි ගෙනියන්නම්, යමු එකපාරක්වත් කියල. ඒත් එයා ගිහින් නෑ. වෙන රටවල ආපු ෂෝ වලට මගේ පුතාව ගන්න කියල, මගේ තාත්තව යවලා. අද වගේ කාලෙක හිටිය නම් මම එක්කගෙන යනවමයි.
සීයා ප්ලේන්වල යන්න බය උනාට ඔබගේ පියා රනිල් යන්න බලයවෙලා නැත්ද ?
(සිනාසෙමින්) නැහැ. එහෙම බයක් තිබිල නැහැ.
පවන්, ඔයාගේ අධ්‍යාපන වැඩ කටයුතු කොහොමද ?
මම දැන් යුනිවර්සිටි ෆ්‍රස්ට් ඉයර් එකේ ඉන්නෙ. මගේ ඩිග්‍රි එකට Bachelor of Piloting. දැන් මම CESSNA 172 ප්ලේන් එක තනියෙම ගෙනියනවා. තව ඉස්සරහට අනිත් ඒවා කරනවා.
ඔබ දැන් හිරිමල් වියේ පසුවන තරුණයෙක්, මිල්ටන් මල්ලවාරච්චිගෙ මුණුබුරාට තරුණියො ගොඩාක් ආකර්ෂණය වෙනවා ඇති නේ ?
ඒක නම් ඉතින් අහන්න ඕන තරුණියන්ගෙන්ම තමයි (සිනාසෙයි). මම ලංකාවෙ නෙමෙයිනෙ ඉන්නෙ. ඉතින් ලංකාවෙ තරුණියො ගැන කියන්න දන්නෙ නෑ. මෙහේ නම් ඉතින් අඩුවක් නෑ.
පවන්ගේ අනාගතය ගැන අම්මා, තාත්තාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?
මගේ අම්මයි තාත්තයි මාව මේ තැනට ගෙන්න ලොකූ කැපවීමක් කරල තියෙන්නෙ. තාම ඒකෙ අඩුවක් නෑ. එයාලගෙ හීනය හැබෑ කරල මගේ හීනයට යන්න තමයි මම ට්‍රයි කරන්නෙ. තව පොඩි කාලයයි ඒකට යන්නෙ.
ඇත්තටම පවන්ට පෙම්වතියක් නැත්ද ?
පෙම්වතියක් නෑ. ආදරය කරනව නම්, ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන. නැත්නම් ආදරයෙන් වැඩක් නැහැනෙ. ඒ නිසා ආදරයට වැඩි බරක් යොදන්න පුලුවන් කාලෙක ඒ ගැන හිතනවා. දැනට මූලික අධ්‍යාපන වැඩ ටික කරනවා.
ඔබගේ කටහඬ මිල්ටන්ට සමානයි, ඔබගේ ගීතයක් නිර්මාණය කරල නැත්ද ?
මම වැඩියෙන් කැමති මගේ අම්ම ලියපු”සිහින ලෝකෙක”කියන ගීතයට. ඒකෙ ලෙලුම් අංකල් මියුසික් කලේ.
පවන්, ඔයාගේ සංගීත කටයුතු අධ්‍යාපනයට බාදාවක් නැත්ද ?
මම සිංදු කියන්නෙ හොබි එකට. මට අමතර වෙලාවක් තිබුනොත් විතරයි ෂෝ ගන්නෙ. ඒක මගේ මේන් ජොබ් එක නෙමෙයි. මම අවුරුදු 15 ඉඳලා පාට් ටයිම් ජොබ් එකක් කරන කෙනෙක්. අදත් ඒ ජොබ් එක කරනවා. මේ ඔක්කොම බැලන්ස් කරගෙන තමයි මගේ ඉගනීමෙ වැඩටික කරගෙන යන්නෙ.
ඒ සඳහා අම්මගෙන්, තාත්තගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?
අම්ම තමයි පොඩිකාලෙ ඉඳලා මගේ,නංගිගේ පස්සෙන් ඉඳලා ස්කූල් වැඩ ගෙදර වැඩ ඔක්කොම බලන්නෙ. අපි දෙන්න ගෙදර බෙඩ් රූම් එකවත් අපි අස්කරන්න ඉඩ තියල නෑ. උදෙන්ම නැගිටලා බෙඩ් එක හදලා වොෂ් රූම් යන්නෙ. ඒ හැමදේම අම්ම අපිට පුරුදු කරපු ඒවා. තාත්තා අපි වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා. එයාගෙ පිලිවෙල මම ගොඩාක් පුරුදු උනා. ඉතින් ඒ දෙන්නගෙම සහයෙන් තමයි අපි අදත් දේවල් කරන්නෙ.
පවන්ට හොඳට රසට උයන්න පුලුවන්ලු නේද ?
කවුද කියන්නෙ (සිනාසෙමින්) මට රසට උයන්න නම් බෑ. හැබැයි රසට කන්න ඕන. කොහෙන් කෑවත් වැඩක් නෑ අම්මා උයන කෑම තමයි ඕනම. මම එග් බූඩ්ල්ස් වගේ දේවල් තනියෙම හදාගන්නවා. දැනට පුලුවන් එච්චරයි.
ඕස්ට්‍රේලියාවෙ ජීවත්වෙන ඔබ ගොඩාක් කාලෙකින් ලංකාවට ආවෙ නෑ නේද? එන්න බලාපොරොත්තුවක් නැත්ද ?
මම 2016 සහ 2017 මගේ අම්ම කරන Tribute to Milton ෂෝ එකට ආවා. ගිය අවුරුද්දේ අපි දෙන්න ඒ ෂෝ එක ඇමෙරිකා සහ ලන්ඩන් අරං ගියා. බලමු ලබන අවුරුද්දේ එන්න ඉන්නවා.
පවන් නිවාඩු ගත කරන්න යන්න කැමති කොහෙද ?
ලංකාවෙ නම් ඕෆ් රෝඩ්ස් යනවා. තාත්තගෙ හොබි එක ඒක. නමුත් මෙහේ ඇවිත් නම් යන්න බැරි උනා. මේ ලගදි මෙහේ තාත්තා ගියා යාලුවො එක්ක. මම ගොඩක් බිසී නිසා මට ටයිම් නෑ මොනවත් කරන්න. ෆ්‍රී ටයිම් එකේ සින්දුවක් අහගෙන නිදාගන්න තමයි කැමති.
ඔබගේ පියා ක්‍රිකට් ක්‍රීඩාවට කැමති කෙනෙක්, ඔබ කැමති මොනවගේ ක්‍රීඩා වලටද ?
මම ක්‍රිකට් ගැහුවා. ක්ලබ් එකෙත් සෙල්ලම් කලා. පස්සෙ ටයිම් නැති නිසා අත්ඇරල දැම්මා. අම්මි සීසන් එකේ ලංකාවට යන්න දාගන්නවා. ටයිම් ප්‍රශ්ණ නිසා අතඇරල දැම්මා. මැච් නම් මිස් කරන්නෙ නෑ යනවා බලන්න.
ඔබ ගුවන් නියමුවෙක් වීමට ඉගන ගන්නවා. එසේ නොවුනා නම් මොනවගේ ක්ෂේත්‍රයක් ගෝරාගනීවිද ?
පයිලට් කෙනෙක් නොවුනා නම්, මේ යන විදියට සින්දුම කියයි මගේ හිතේ. අම්ම කැමති නෑ මම සින්දු කියන්න යනවට. එහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. (සිනාසෙයි)
ඔබගේ සීයා. ඒ කියන්නෙ මිල්ටන් මල්ලවාරච්චි සහ ඔබගේ පියා ඇරුනම කවුද වැඩියෙන් ප්‍රියකරන ගායකයා ?
මම සීයාගෙ සමකාලීන හැම ගායකයෙක්ටම ආසයි. ජෝති අංකල්, මිල්ටන් පෙරේරා, මර්වින් පෙරේරා, වික්ටර් අංකල්, මේ හැමෝගෙම සින්දු මම අහනවා.
අවසාන වශයෙන් ඔබගෙන් මෙහෙම දෙයක් අහන්නම්, ඔබ විවාහ වෙනව නම් මොනවගේ ගතිගුණ තියෙන කෙනෙක්වද තෝරාගන්නෙ ?
මගේ ජොබ් එකේ හැටියට ෆැමිලි එකත් එක්ක ස්පෙන්ට් කරන්න තියෙන කාලය අඩුයි. ඒ දේ තේරුම් ගන්න පුලුවන් වුන කෙනෙක් තමයි මම තෝරගන්නෙ. ඒ කොහොම උනත්, ලස්සන නම් අනිවාර්යයි. ඔක්කොමක් Ok උනත් අම්ම Ok වෙන්නම ඕනි. මොකද එයාට පෙන්නන හැම දෙයක්ම එපා එපා එපා විතරයි කියන්නෙ. (සිනාසෙයි) තාත්ත නම් ඉතින් ඔක්කොම Ok. කොහොම උනත් තව කල් තියෙනවා ඉස්සෙල්ලා මගේ ඩ්‍රීම් එකට යන්න ඕනෙ. කෙල්ලො නම් මොනාද (සිනාසෙයි). අම්ම මේ ලඟදිත් එකක් කැඩුවා.
පවන් පහුගිය 27 වෙනිදා ඔබ උපන්දිනය සැමරුවා. ඒකටත් සුබ පතන ගමන් අපි නතර වෙන්නම්. ඔබට ජය පතනවා
ස්තූතියි ඔයාලටත්
ඔහුගේ ඡායාරූප පෙලක් පහතින්……