රට රස්සා දෙන්න මුදල් වංචා කල අමිල හිමිට වැඩ වරදී… CID දුෂණ පරීක්ෂණ නැවතත් කරලියට..

රට රස්සා දෙන්න මුදල් වංචා කල අමිල හිමිට වැඩ වරදී… CID දුෂණ පරීක්ෂණ නැවතත් කරලියට..
Spread the love

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියළු වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබාදීමේ ක්‍රියාවලියට උදාහරණ සපයමින්  2009 දෙසැම්බරයේ එවකට හොරණ මහේස්ත්‍රාත් අනුෂ්ක සෙනවිරත්න මහතා විසින් 2010 ජනවාරි 08 දක්වා රිමාන්ඩ් භාරයට යැවු දබර අමිලගේ මුදල් වංචා පරීක්ෂණ නවතත් මතුවීමට පටන් ගෙන ඇත. 

2009 නඩුකර මහතා ඉදිරියේ රහස් පරීක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරී මෙවන් සිල්වා, පොලිස් පරීක්ෂක රන්ජිත් මුනසිංහ මහතුන් විසින් මෙම දුෂණය පිළිබද විස්තරාත්මක වාර්තාවක් ලබා දී ඇත.

මෙම පරීක්ෂණ වලට අනෙක් සැකකරු ලෙස අමිල හිමිගේ රියදුරාද පොලිසියට අවශ්‍යව වී තිබුණි .

2009දී දබර අමිල හිමි ඇත අඩංගුවට ගෙන ඇත්තේ 15 දෙනෙකු විසින් ඉදිරිපත් කල පැමිණිලි හේතුවනි. මෙම 15 දෙනාම පැමිණිලි කර ඇත්තේ තමන් කොරියාවේ රැකියා වලට යවන බවට පොරොන්දු වී රට යැවීමට ප්‍රථම මුදල් ලබා ගෙන කිසිවකු කොරියාවට නොයවා ඇති බවය.

මොවුන් රවටා ලබා ගත් මුදල රුපියල් මිලියන 2කට අධිකය. අමිල හිමි මෙම මුදල් වංචාව සිදු කලේ තමා නොව තම රියදුරු විසින් යයි කියා ඇග බේරා ගැනීමට තැත් කර ඇත.

පසුව 2010දී රුපියල් 425,000ක් ඇප මුදලකට යටත්ව හොරණ මහේස්ත්‍රාත් තුමා මොහුට ඇප ලබා දී ඇත්තේ පිටරට ගුවන් බලපත්‍රයත් උසස්වී භාරයට ගැනීමෙන් පසුවය.

Source – LNW