බලන්ගොඩ ප්‍රදේශයේ පාසල් සිසුවියන් දෙදෙනෙකු උපකාරක පන්තියට සහභාගී වීම සඳහා යමින් සිටියදී ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරට ලක්වූ දෙදෙනා උසස් පෙළ සිසුවියන් දෙදෙනෙකු වන අතර මෙම අනතුර සිදුව ඇත්තේ අද (08) පෙරවරු 10.40 ට පමණ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එම අනතුරින් පසු සිසුවියන් දෙදෙනා බලන්ගොඩ මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර සිසුවියන් දෙදෙනාගන් එක් අයෙකුගේ පාදයක සහ අනෙක් සිසුවියගේ උරහිසේ අස්ථි බිඳීමක් සිදුව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ.
කහ ඉරෙන් පාර මාරු වන අවස්ථාවේ කහ ඉඩ උඩදී මෙම ලොරි රථයේ ගැටී ඇත.
ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බලන්ගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
[rns_reactions]