අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාට ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් 1965 වසරේදී ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළලේදී හිමිවූ “රණ මයුර” සම්මානය සමග ලැබුණු “පදක්කම” අද (02) උදෑසන සිට අතුරුදහන්ව ඇති බවට වේ.
අද උදෑසන 10:00-11:00 ත් අතර කාලයේදී බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි එතුමාගේ නිවසේදී මෙම “පදක්කම” අතුරුදහන්ව ඇති බවට පොලිසියට ලද පැමිණිල්ලක් අනුව ඒ ගැන පොලිසිය විමර්ෂණයක් ආරම්භ කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසා සිටි අතර එතුමාගේ අවසන් කටයුතු සිදුවූ අද දවසේදී අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල ජනකායක් බම්බලපිටියේ පිහිටි එතුමාගේ නිවසට පැමිණි අතර එහිදී යමි කිසි අයෙක් එය සොරා ගත්තාද යන්න ගැන සැකයක් පවතින බවත් සිද්ධිය සම්බන්ධයෙන් ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ පවුලේ ඥාතීන් ගෙන් පොලිසිය මේවන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.