ඔහු රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේයි.
ඊයේ සහ පෙරේදා පැවැති මෙම දිවුරුම් දීමේ අවස්ථා දෙකටම ඔහු සහභාගී වූයේ නැහැ. ඒ සඳහා සහභාගී වන ලෙසට ආරාධනා කර තිබුණද රාජ්‍ය අමාතයවරයා ඊට සහභාගී නොවී ඇති බවයි අප වෙත වාර්තා වුණේ. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු සඳහන් කළේ “මම මන්ත්‍රි වුණේ පසුගිය වසරේ නොවැම්බර් මාසේ.. ජනවාරි සිට මේ දක්වා දෙවරක් රාජ්‍ය ඇමති තනතුරේ මම දිවුරුම් දුන්නා. ඒ මාස තුන හතර ඇතුළත ආයෙත් රාජ්‍ය ඇමතිකමක් සඳහා තමයි දිවුරුම් දෙන්න වෙන්නේ. මම කල්පනා කරා ඒක අවශ්‍ය නෑ කියලා. තේරුමක් නෑ..ඒ නිසා මම ගියේ නෑ. වෙනසක් වෙලා නෑ..ඇමති කමක් දෙනවා නම් ශ්‍රීලනිපයේ දෙන්න තිබ්බ පළවෙනි එක්කෙනා මම. 89 ඉඳලා මේ දක්වා ශ්‍රීලනිපය වෙනුවෙන් කැපවුණා මම.” යනුවෙනි.
තමාට ආරාධනා කර තිබුණේ රාජ්‍ය අමාත්‍යධූරයක දිවුරුම් දීමට බවත්, ඉන් කිසිඳු පළක් නොමැති බවත් ඔහු කියා සිටියා.
ඇමති සංශෝධනයේදී තමාටද අනිවාර්යයෙන්ම කැබිනට් ඇමතිධූරයක් හිමිවිය යුතුව තිබූ බවයි රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ වැඩිදුරටත් පැවසුවේ.
ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහට මන්ත්‍රිධූරය අහිමිවීමත් සමග පියසේන ගමගේට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව උදාවුණා. ඔහු ඉකුත් පෙබරවාරි මාසයේ දිවුරුම් දුන්නේ යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

