අභාවප‍්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසේ තිබූ තවත් භාණ්ඩයක් අතුරුදන්ව තිබෙනවා. පොලිස් වාර්තාවලට අනුව මෙලෙස අතුරුදන්ව ඇත්තේ රුපියල් ලක්ෂයක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්.
අවමංගල්‍යය කටයුතු සිදුවූ ඊයේ (03) දිනයේයි මෙම දුරකථනයද අතුරුදන්ව ඇත්තේ. ඒ මහතාගේ නිවසේ තිබූ රණමයුර සම්මානයට හිමි පදක්කමද අතුරුදන්ව තිබුණා. අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් ඒ මහතාගේ ඥාති දියණියක් බම්බලපිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක්ද කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ කි‍්‍රයාත්මක අතර සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
