මහියංගනයේ බලයත් නිදහසට… මැතිවරණයෙන් ජය ලැබූ ස්වාධින කණ්ඩායම ජනපති හමුවී සහය පළකරයි…

මහියංගනයේ බලයත් නිදහසට… මැතිවරණයෙන් ජය ලැබූ ස්වාධින කණ්ඩායම ජනපති හමුවී සහය පළකරයි…
Spread the love

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් මහියංගණය ප්‍රාදේශීය සභාවට තේරිපත්වූ සාමාජිකයින් 08 දෙනා අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගනු ලැබීය.

පසුව ඔවුහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දී දිවුරුම් දුන්හ.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායමක් ලෙස මහියංගණය ප්‍රාදේශීය සභාවට තරග කළ ඩී.එම්. ශ්‍යාමලී කුමාරි දිසානායක, ඩී.එම්. ධනුෂ්ක ධර්මරත්න දිසානායක, ඒ.එම්. ජයවර්ධන බණ්ඩාර, ඩබ්.එම්. සමන් පුෂ්පකුමාර, එම්.බී. වසන්ත වික්‍රමසිංහ, ආර්.පී.එම් චන්ද්‍රදාස, ඒ.එම්. ලලිතා වසන්ති දිසානායක, එච්.පී. භාෂිලා මධුභාෂිනී යන මහත්ම මහත්මීන් මෙම පිරිසට එක්වුහ.