මාතලේ එ.ජා.ප ප්‍රබලයෙක් මැයි රැළිය වර්ජනය කරයි.. ශ්‍රිලනිපයට එක්වීමේ සූදානමක….

මාතලේ එ.ජා.ප ප්‍රබලයෙක් මැයි රැළිය වර්ජනය කරයි.. ශ්‍රිලනිපයට එක්වීමේ සූදානමක….
Spread the love

එක්සත් ජාතික පක්‍ෂය පවත්වන මෙවර මැයිදින රැළියට සහභාගි නොවීමට තමන් තීරණය කළ බව මාතලේ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් අලූවිහාරේ පවසනවා.

ඉකුත්දා සිදු කෙරුණු කැබිනට් සංශෝධනයේදී මාතලේ ජනතාවට අසාධාරණයක් සිදුව ඇති බවයි ඔහු පැවසුවේ. මේ හේතුවෙන් ලබන සඳුදා කොළඹ පැවැත්වෙන එක්සත් ජාතික පක්‍ෂ මැයි දින සැමරුමට එක් නොවන බව ඔහු සදහන් කළා.

මේ සම්බන්ධයෙන් පක්ෂ නායකත්වය දැනුවත් කර ඇතැයිද, තීන්දුවක් නොලැබෙන්නේනම් මැයි රැළියට සහභාගී නොවන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ.

රංජිත් අලුවිහාරේ මධ්‍යම පළාත් සභාවේ විපක්ෂනායකවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.