මැණික් ඉල්ලමක් ලක්ෂ 63 කට විකුණයි

Spread the love

කහවත්ත, ඇන්දාන ගබ්බෙල පාලමේ ඉදිකිරීම් සිදුකරන අතරතුර මතුවූ මැණික්‌ ඉල්ලම් තොගය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමෙන් රුපියල් හැටතුන් ලක්‌ෂහැටදහසක මුදලක්‌ රජයට ලැබුණු බව ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරියේ රත්නපුර ප්‍රදේශීය කාර්යාලය පවසයි. පළාත් පාලන අමත්‍යාංශයේ ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ මෙම පාලමේ වැඩ ආරම්භ කළ අතර ගං ඉවුර කැපීමේදී වටිනා මැණික්‌ ඉල්ලමක්‌ මතුව ඇත.

ගං ඉවුරේ අයිතිය පිළිබඳව ඉඩම්හිමියන් සමඟ ගැටලු මතුවීමත් සමඟ මෙම ඉල්ලම් තොගය ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරිය භාරයට පත්කරගෙන මෙම ඉල්ලම් තොගය විධිමත් ක්‍රමවේදයන්ට අනුව ඉකුත්දා ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට පියවර ගත් බව ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරියේ රත්නපුර ප්‍රාදේශීය කළමනාකරු කනිශ්ක අබේනායක මහතා පවසයි.

මෙම ඉල්ලම මතුවීම හේතුවෙන් මෙම ස්‌ථානයට විශේෂ පොලිස්‌ ආරක්‌ෂාවක්‌ ද යෙදවීමට සිදුවූ බව රක්‌වාන පොලිසිය පවසයි.

[rns_reactions]