ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ කම්කරු දින සැමරුම් රැළිය අද පැවැත්වෙන්නේ ගාල්ල සමනල කි‍්‍රඩාංගනයේදී වන අතර අද සවස 02න් පසුව ගාල්ලට සැඩ සුළං සහ අකුණු සහිත ධාරානිපාත වර්ෂාවක් ලැබීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කිරීමත් සමගින් සංවිධායක කමිටුව දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව අපට වාර්තා වේ.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ අයහපත් කාලගුණික තත්වය යටතේ වුවද සිය මැයි රැළිය සඳහා ලංකාව පුරාම ජනතාවගේ සැලකියයුතු ජන සහභාගීත්වයක් බලාපොරොත්තුවෙන් සිටින බවයි.
