සමෘද්ධියත් මහබැංකුව යටතට ගන්නවා

සමෘද්ධියත් මහබැංකුව යටතට ගන්නවා
Spread the love
අනෙක් සියලු බැංකු මහබැංකුව යටතේ පාලනය වන බැවින් සමෘද්ධි සහනාධාර සහ ණය පහසුකම් ඉතුරුම්වලට අදාළ සමෘද්ධි බැංකුවද ඉදිරියේදී මහබැංකුවේ පාලනය යටතට පත් කිරීමට කටයුතු කරන බව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ (06) පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි රැලියේදී අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
 
සේවක අර්ථසාධක අරමුදල, සේවක  භාරකාර අරමුදල, ආදී සියල්ල මුදල් අමාත්‍යාංශයේ රෙගුලාසී මත පාලනය වන නමුත් සමෘද්ධි අරමුදල් හෝ සමෘද්ධි බැංකුව එලෙස කිසිදු රෙගුලාසියකට අනුව පාලනය නොවන බව පෙනී ගොස් ඇති බැවින්  එයට ඉදිරියේදී මුදල් අමාත්‍යාංශ රෙගුලාසිවලට යටත් වන නව ක්‍රමවේදයක් සකස් කරන ලෙස මුදල් අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවැසීය. 
සමෘද්ධි අමාත්‍යාංශය වර්තමානයේ එක්සත් ජාතික පක්ෂය යටතේ පවතින අමාත්‍යාංශයක් බැවින් සමෘද්ධි සහනාධාර ලබාදීමේදී ඉකුත් කාලයේ සිදුවූ අඩුපාඩු මගහරවා ගැනීමට කටයුතු කරන බවත් සමෘද්ධිය වෙනුවෙන් මුළු වර්ෂයම සඳහා වෙන් කර ඇති මුදලින් මුල් මාස තුන ඇතුළත පමණක් 52% වියදම් කර අවසන් බවත් මුල් මාස තුන තුළ වියදම් කළ යුත්තේ 25 පමණක් වන බවත් මෙලෙස 52 වියදම් කර අවසන් වූයේ කෙසේ දැයි සොයා බලන ලෙසත් උපදෙස් දී ඇතැයිද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.