අට වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ජනපති ප‍්‍රධානත්වයෙන් අද

අට වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ජනපති ප‍්‍රධානත්වයෙන් අද
Spread the love

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කල්දැමූ 8 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද (08) ආරම්භ වනවා. ඒ, ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන්. ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ කථානායකවරයා විශේෂ ගෞරවාචාර මධ්‍යයේ ඒ සඳහා කැඳවාගෙන එනු ඇති. 

මෙම උත්සවයේදී යුද හමුදාව විසින් සම්මාන ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීමටද නියමිතව තිබෙනවා. අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ මංගල රැස්වීමට කැඳවාගෙන ඒමට නියමිතයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇත්තේ පස්වරුවේ 2.15ටයි. 

අද පැවැත්වෙන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය වෙනුවෙන් පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක‍්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.